නුඹලාටත්, නුඹලාගේ ගෘහ වාසීන්ටත් එය කැමැති තැනක දී වැළඳිය හැකි ය. සම්මුඛ මණ්ඩපය තුළ නුඹලා ඉටු කරන සේවයට ලැබෙන ගෙවිල්ල එය වේ.
2 කොරින්ති 12:13 - Sinhala New Revised Version 2018 මා ඔබට දැක්වූ සැලකිල්ල, අන් සභාවලට දැක්වූ සැලකිල්ලට වඩා කිසි ලෙසකින් අඩු වී ද? ඇති වූ එක ම අඩුව නම්, මා ඔබට බරක් නොවීම ය. ඒ වරද ගැන මට සමා වන්න. Sinhala New Revised Version මා ඔබට දැක්වූ සැලකිල්ල, අන් සභාවලට දැක්වූ සැලකිල්ලට වඩා කිසි ලෙසකින් අඩු වී ද? ඇති වූ එක ම අඩුව නම්, මා ඔබට බරක් නොවීම ය. ඒ වරද ගැන මට සමා වන්න. සිංහල කාලීන පරිවර්තනය මා ඔබට බරක් නො වූ කාරණයෙන් හැර, අන් කවර සභාවකට වඩා ඔබට සැලකුම් අඩු වී ද? බරක් නො වීමේ වරදට මට කමා වන්න! Sinhala Revised Old Version මා නුඹලාට බරක්ව නොසිටිය කාරණයෙන් මිස වෙන මොන දෙයකින් නුඹලා අනික් සභාවලට අඩුව සිටියහුද? ඒ වැරැද්දට මට කමාවෙන්න. |
නුඹලාටත්, නුඹලාගේ ගෘහ වාසීන්ටත් එය කැමැති තැනක දී වැළඳිය හැකි ය. සම්මුඛ මණ්ඩපය තුළ නුඹලා ඉටු කරන සේවයට ලැබෙන ගෙවිල්ල එය වේ.
දෙගොල්ල ම එක ම කර්මාන්තය කරන්නන් වූ බැවින්, පාවුලු ඔවුන් සමඟ නැවතී වැඩ කෙළේ ය. ඔවුන්ගේ කර්මාන්තය කූඩාරම් සෑදීම ය.
අනිත් අයට ඔබ කෙරේ මෙවැනි අයිතියක් ඇත්නම් ඊටත් වඩා ලොකු අයිතියක් අපට නැද් ද? එසේ වුව ද මේ අයිතියෙන් ප්‍රයෝජනයක් නොගෙන ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට කිසිදු බාධාවක් නොවන සේ අපි සියල්ල දරාගනිමු.
මම දැන් තුන් වන වරටත් ඔබ වෙත එන්නට සූදානම් ව සිටිමි. එහෙත් මම ඔබට බරක් නොවෙමි. මට වුවමනා ව තිබෙන්නේ ඔබේ දේපළ නොව, ඔබ ම ය. එසේ කියන්නේ දරුවන් දෙමවුපියන් උදෙසා නොව, දෙමවුපියන් දරුවන් උදෙසා මුදල් ඉතිරි කළ යුතු බැවිනි.