Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 18:31 - Sinhala New Revised Version 2018

31 නුඹලාටත්, නුඹලාගේ ගෘහ වාසීන්ටත් එය කැමැති තැනක දී වැළඳිය හැකි ය. සම්මුඛ මණ්ඩපය තුළ නුඹලා ඉටු කරන සේවයට ලැබෙන ගෙවිල්ල එය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 නුඹලාටත්, නුඹලාගේ ගෘහ වාසීන්ටත් එය කැමැති තැනක දී වැළඳිය හැකි ය. සම්මුඛ මණ්ඩපය තුළ නුඹලා ඉටු කරන සේවයට ලැබෙන ගෙවිල්ල එය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 එය සම්මුඛවීමේ කූඩාරමෙහි නුඹලාගේ මෙහෙයට විපාකය වන බැවින් නුඹලාටත් නුඹලාගේ ගෙයි වැසියන්ටත් සියලු තැන්හිදී එය කන්ට පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 18:31
9 හුවමාරු යොමු  

තවද, නුඹ ලෙවීවරුන්ට මෙසේ කිව යුතු ය: ‘නුඹලා පඬුරුවලින් ඉස්තරම් කොටස සමිඳාණන් වහන්සේට පූජා කළ පසු, ඉන් ඉතිරි කොටස, කමතේ ඉතිරි ධාන්‍ය මෙන් ද, මිදිපැසේ ඉතිරි මිදිපැන් මෙන් ද නුඹලාට අයිති වනු ඇත.


නුඹලා ඉස්තරම් ම කොටස සමිඳාණන් වහන්සේට පූජා කළහු නම්, එය වැළඳීමෙන් පාපයක් නොවනු ඇත. තවද, නුඹලා ඉශ්රායෙල් ජනයාගේ ශුද්ධ පඬුරු නොකෙලෙසිය යුතු ය. ඒවා කෙලෙසුවහොත් නසිනු ඇත.’ ”


ගමන් මල්ලක් වත්, කමිස දෙකක් වත්, වහන් සඟලක් වත්, සැරයටියක් වත් සපයා නොගන්න. මන්ද, සේවකයාට අවශ්‍ය දේ ඔහු ලැබිය යුතු ය.


ඔවුන් දෙන දෙය කමින් බොමින් ඒ ගෙදර ම නැවතී සිටින්න. මන්ද, මෙ‍හෙකරුවා සිය වේතනය ලැබිය යුතු ය; ගෙදරින් ගෙදරට නොයන්න.


මා ඔබට දැක්වූ සැලකිල්ල, අන් සභාවලට දැක්වූ සැලකිල්ලට වඩා කිසි ලෙසකින් අඩු වී ද? ඇති වූ එක ම අඩුව නම්, මා ඔබට බරක් නොවීම ය. ඒ වරද ගැන මට සමා වන්න.


ධර්ම වාක්‍ය ඉගෙනගන්නා, උගන්වන්නාට තමා සතු සියලු යහපත් දෙයින් සංග්‍රහ කෙරේ වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්