කීප දවසකට පසු පාවුලු බාර්ණබස්ට කතා කොට: “අපි සමිඳාණන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කළ සියලු නුවරවල වසන සහෝදරයන්ගේ දුක් සැප කෙසේ දැ යි බලන පිණිස නැවත යමු”යි කී ය.
2 කොරින්ති 11:28 - Sinhala New Revised Version 2018 මේ බාහිර දේ හැර, සියලු සභාවන් ගැන මාගේ සිතේ බරක් දිනපතා ම මට ඇත. Sinhala New Revised Version මේ බාහිර දේ හැර, සියලු සභාවන් ගැන මාගේ සිතේ බරක් දිනපතා ම මට ඇත. සිංහල කාලීන පරිවර්තනය මේ දෑ හැර, හැම සභාවක් කෙරේ වූ මගේ කනස්සල්ලේ පීඩනය ද දිනපතා මා සමඟ විය. Sinhala Revised Old Version බාහිරවූ ඒ දේ හැර සියලු සභාවන් ගැන සිතේ බරක් දවස්පතා මට ඇත්තේය. |
කීප දවසකට පසු පාවුලු බාර්ණබස්ට කතා කොට: “අපි සමිඳාණන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කළ සියලු නුවරවල වසන සහෝදරයන්ගේ දුක් සැප කෙසේ දැ යි බලන පිණිස නැවත යමු”යි කී ය.
ඔහු එහි කලක් ගත කළ පසු පිටත් ව ගලාතිය සහ පිරිගිය යන පළාත් මැදින් යමින් සියලු ශ්‍රාවකයන් ධෛර්යවත් කෙළේ ය.
මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය.
දැන් මා කතා කරන්නේ විජාතීන් වන ඔබට ය. විජාතීන්ට අපෝස්තුළුවරයෙකු ව සිටින බැවින් මම මාගේ මෙහෙය උසස් කොට සලකමි.
එසේ ලියන්නේ, විජාතීන් උදෙසා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන් වහන්සේ මට දෙවා වදාළ වරප්‍රසාදය නිසා ය. ඒ පූජක සේවය, විජාතීන් ශුද්ධාත්මයාණන් විසින් කැප කරනු ලැබ, දෙවියන් වහන්සේට ප්‍රියමනාප පූජාවක් වන අයුරින් සුබ අස්න දේශනා කිරීම ය.
එසේ වුව ද සමිඳාණන් වහන්සේ එකිනෙකාට නියම කොට ඇති ප්‍රකාරයට හා දෙවියන් වහන්සේ එකිනෙකා කැඳවා ඇති ප්‍රකාරයට ජීවත් වන්න. සැම සභාවකට ම මා දෙන නියෝගය මේ ය.
ඔබ උදෙසාත්, ලවෝදීසයේ වැසියන් උදෙසාත්, පෞද්ගලික වශයෙන් මා නුදුටු සියල්ලන් උදෙසාත් මා කෙතරම් අධික ලෙස වෙහෙස මහන්සි දරනවා දැ යි ඔබට දන්වන්නට කැමැත්තෙමි.