ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 10:11 - Sinhala New Revised Version 2018

එහෙත්, අප ඈත් ව සිටින විට ලියන ලියුම් ද අප ඔබ සමඟ සිටින විට කරන දේ ද අතර වෙනසක් නැති බව එවැනි අය තේරුම් ගත යුතු යි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, අප ඈත් ව සිටින විට ලියන ලියුම් ද අප ඔබ සමඟ සිටින විට කරන දේ ද අතර වෙනසක් නැති බව එවැනි අය තේරුම් ගත යුතු යි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

අප නො පැමිණ අපගේ ලිපිවලින් යම් සේ වී ද, අප පැමිණි කලත් එලෙසම බැව් ඒ අය තේරුම් ගනිත්වා.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙන්න, අපි ඈත්ව සිටින කල ලියුම්වල වචනවලින් යම් ආකාරව සිටිමුද ළඟ සිටින කල ක්‍රියාවෙනුත් එසේමයයි එබඳු අය තේරුම්ගනීවා.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 10:11
6 හුවමාරු යොමු  

‘ඔහුගේ ලියුම් හරබර ය. වේගවත් ය. එහෙත් ඔහු අප ළඟ සිටින විට, ඔහුගේ කිසි පෙනුමක් නැත, කතාවෙහි දක්ෂකමක් නැතැ’යි කෙනෙකු කියනු ඇත.


තමන්ගේ ම ප්‍රසිද්ධිය ලැබීමට තැත් කරන අයගේ ගණයට ඇතුළු වීමට හෝ අප එවැන්නන් හා සසඳා ගැනීමට හෝ ඉදිරිපත් නොවෙමු. තමන්ගේ මිම්මෙන් තමන් මනින, සැසඳීමේ මිණුම් දණ්ඩ තමන් තුළ ම යයි සලකන අය අඥානයෝ ය.


ඔබ වෙත පැමිණි විට, මා සිතනවාට වඩා ඔබ වෙනස් වී ඇද්දෝ කියාත්, ඔබ සිතනවාට වඩා මා වෙනස් වී ඇද්දෝ කියාත් මට බියක් ඇත. යම් විධියකින් ආරාවුල්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කෙළාම්, ඕපාදූප, අහංකාරය හා අවුල්වියවුල් ආදිය ද, ඔබ අතර තිබේ දෝ යි මට බියක් තිබේ.


මා ඔබෙන් ඈත් ව සිටිය දී, මේ කරුණු ඔබට ලියා එවන්නේ, මා ඔබ වෙතට පැමිණි විට, තදින් ක්‍රියා කිරීමට මාගේ අධිකාරි බලය යෙදීම වුවමනා නොවන පිණිස ය. සමිඳාණන් වහන්සේ මේ ආධිපත්‍යය මට දෙවා වදාළේ, බිඳ හෙළීමට නොව, ගොඩනැඟීමට ය.