Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 10:11 - සිංහල කාලීන පරිවර්තනය

11 අප නො පැමිණ අපගේ ලිපිවලින් යම් සේ වී ද, අප පැමිණි කලත් එලෙසම බැව් ඒ අය තේරුම් ගනිත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එහෙත්, අප ඈත් ව සිටින විට ලියන ලියුම් ද අප ඔබ සමඟ සිටින විට කරන දේ ද අතර වෙනසක් නැති බව එවැනි අය තේරුම් ගත යුතු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එහෙත්, අප ඈත් ව සිටින විට ලියන ලියුම් ද අප ඔබ සමඟ සිටින විට කරන දේ ද අතර වෙනසක් නැති බව එවැනි අය තේරුම් ගත යුතු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 මෙන්න, අපි ඈත්ව සිටින කල ලියුම්වල වචනවලින් යම් ආකාරව සිටිමුද ළඟ සිටින කල ක්‍රියාවෙනුත් එසේමයයි එබඳු අය තේරුම්ගනීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 10:11
6 හුවමාරු යොමු  

ඔබ වෙත ඒමට කලින් මා මේ දේවල් ලියා එවන්නේ, බිඳහෙළීමට නො ව, ඔබ ගොඩ නැගීමට අප ස්වාමින්වහන්සේම මට දුන් අධිපති බලය, මා ඔබ වෙත ආ කල්හි තද පරුෂ ලෙස යෙදවීමට සිදු නො වන පිණිස ය.


මන්ද මා ඔබ වෙත ආ කල්හි, මා මනාප පරිද්දෙන් ඔබ නො සිටීදෝ, ඔබ මනාප පරිද්දෙන් මා නො සිටීදෝ යි බයක් ද ඇතැම් විට සණ්ඩු-දබර, ඊර්ෂ්‍යා හා කෝපය ද එදිරිවාදිකම්, අපවාද, ඕපාදූප, උඩඟුකම් හා අවුල් ද වේ දෝයි බයක් ද මට ඇත.


මන්ද ඔවුන් මා ගැන කියන්නේ, “ඔහුගේ ලිපි නම් හරබර ය; බලවත් ය; එහෙත් ඔහුගේ ශාරීරික පෙනුම දුර්වල ය; කතාවට ද ඔහු අදක්ෂ ය” කියා ය.


තමන්ම තමන් වර්ණනා කරගන්නවුන්ගේ වර්ගයට ගැණෙන්නට හෝ ඔවුන් සමඟ සසඳා ගැන්මට අප නිර්භීත නැත. එහෙත් ඔවුන් තමන්ගේම මිම්මෙන් තමන්ම මැන ගන්නා කල, තමන්ම, තමන් හා සසඳා ගන්නා කල, ඔවුන් සිටින්නේ තේරුම් නැතිව ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්