ඔවුන්ට අමුතු බල වේගයක් කාවැද්දීමටත් මුහුකුරාගිය මිනිසුන්ගේ ශක්තිය මේ තරුණයන්ට දීමටත් හැකි වූ ජූදස්ගේ උදාරතර කතාවෙන් දිරි ගන්වනු ලැබූ සෙනඟ, කඳවුරු නොබැඳ, ඔවුන්ගේ නගරයත් ශුද්ධ ආගමත් දේව මාලිගාවත් අන්තරාවට මුහුණ පා තිබූ නිසා, නිර්භීත ව පහර දෙමින් මුළු ධෛර්යය යොදා මුහුණට මුහුණ ලා සටන් කොට යුද්ධය අවසාන කිරීමට තීරණය කරගත්හ.