ජෙරුසලමේ සිටි ප්‍රජා මූලිකයන් අතර සිටි රාශිස් නමැත්තෙක් නිකනෝර් ඉදිරියේ චෝදනා ලැබී ය. ඔහු වනාහි තමාගේ දේශවාසීන්ට ප්‍රේම කළ ඔවුන් විසින් ඉතා ඉහළින් අගය කරනු ලැබූ තැනැත්තෙකි. ඔහුගේ කරුණාවන්තකම නිසා, ‘ජුදෙව්වරුන්ගේ පියාණෝ’ යනුවෙන් ඔහු අමතන ලදී.