නිකනෝර් තමාට සලකන ආකාරය තරමක් නපුරු බවත් ඔහුගේ භාෂා විලාශය කලින් තිබුණාට වඩා රළු බවත් තේරුම්ගත් මකබියස් ඔහු මෙවැනි රළු ගතියක් දක්වන්නේ යහපත් චේතනාවකින් නොවන බව තීරණය කරගත්තේ ය. එබැවින් ඔහු තමාගේ අනුගාමිකයන් සෑහෙන ගණනක් එකතු කරගෙන නිකනෝර් වෙතින් ඉවත් වී ගියේ ය.