එහෙත් රාජාතිරාජයාණෝ මේ පාපිෂ්ට කාලකණ්ණියාට විරුද්ධ ව ඇන්ටිඕකස්ගේ කෝපය ඇවිස්සූ හ. තවද, කරදර සියල්ලට ම මුල වූයේ මෙනෙලාවුස් බව ලිසියස් රජතුමාට පැහැදිලි කර දෙනු ලැබූ විට, ඔහු අල්ලාගෙන බෙරෙයාවට ගෙන යන ලෙසටත් එහි දී ඒ ප්‍රදේශයේ පවතින ක්‍රමය අනුව ඔහු මරාදමන ලෙසටත් එතුමා අණ කෙළේ ය.