ඔහු සමඟ ඔහුගේ ආචාර්යවරයා සහ අමාත්‍යවරයා වූ ලිසියස් සිටින බව ද, වර්ෂ එකසිය හතළිස් නවයේ දී ජූදස් සහ ඔහුගේ සෙනඟ දැනගත්හ. ඒ රජ හට එක් ලක්ෂ දහදහක ග්‍රීක ජාතික පාබළ සේනාවක් ද, පන්දහස් තුන් සියයක අශ්ව සේනාවක් ද විසි දෙකක ඇත් සේනාවක් ද තුන් සියයක දැති යොදන ලද රථ සේනාවක් ද වූ හ.