දොසීතියුස් සහ සොසිපේතර්ගේ ද මොවුන්ගේ ද සෙනඟගේ ද බලයට තිමෝතියස් තෙමේ යටත් විය. එවිට ඔහු ඉතා කපටි ලෙස කතා කරමින් තමා පණපිටින් මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය. එසේ නොකළොත් බොහෝ දෙනකුගේ දෙමව්පියන් ද සමහර දෙනකුගේ සහෝදරයන් ද තමාගේ බලයට යටත් වී සිටින හෙයින්, ඔවුන් මරා දමනු ලැබිය හැකි බව ඔහු කියා සිටියේ ය.