ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 9:14 - Sinhala New Revised Version 2018

අරාබියේ සියලු රජවරු ද දේශයේ ආණ්ඩුකාරයෝ ද සලමොන්ට රන් රිදී ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අරාබියේ සියලු රජවරු ද දේශයේ ආණ්ඩුකාරයෝ ද සලමොන්ට රන් රිදී ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අරාබියේ සියලු රජවරුද දේශයේ ආණ්ඩුකාරයෝද සාලමොන්ට රන් රිදී ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 9:14
7 හුවමාරු යොමු  

මෙය ලැබුණේ, බඩු හුවමාරු කරගන්නන්ගෙන් ද වෙළෙඳුන්ගේ වෙළෙඳාමෙන් ද අරාබියේ සියලු රජවරුන්ගෙන් ද දේශයේ ආණ්ඩුකාරයන්ගෙන් ද ලැබුණු රන්වලට අමතරව ය.


පිලිස්තිවරුන්ගෙන් සමහරෙක් ජෙහෝෂාපාට්ට තෑගි ද රිදී ද කප්පම් පිණිස ගෙනාවෝ ය. අරාබිවරු ද බැටළුවන් හත්දහස් හත්සියයක් හා එළුවන් හත්දහස් හත්සියයක් ද යන සිවුපාවුන් ගෙනාවෝ ය.


සලමොන් රජ තැළූ රනින් පලිස් දෙසියයක් සෑදී ය. එක එක පලිහක තැළූ රන් කිලෝග්‍රෑම් සතක් විය.


ජෙරුසලමෙහි ඇති ඔබේ මන්දිරය නමින් රජවරු පඬුරු ගෙනවුත් ඔබට පුදන්නෝ ය.


රජවරුන් යටහත් වී රිදී පඬුරු ගෙනෙන තෙක්, බට ගස් අතර සිටින වන සතා වන මිසරයට ද ඔහුගේ පැටවුන් සහිත වන ගව රැළ වන විජාතීන්ට ද තරවටු කළ මැනව. සටනට ලැදි වන සියලු සෙනඟ විසුරුවා හැරිය මැනව.


තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය; ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය;


අරාබියේ සියලු රජවරුන්ටත්, කාන්තාරයෙහි වාසය කරන අන් ජාතික සියලු රජවරුන්ටත්,