ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 4:7 - Sinhala New Revised Version 2018

ඔහු රන් පහන් රුක් දසයත් ඒවායේ නියම පිළිවෙළට සාදා, මාලිගාවේ දකුණේ පහකුත්, වමේ පහකුත් තැබුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු රන් පහන් රුක් දසයත් ඒවායේ නියම පිළිවෙළට සාදා, මාලිගාවේ දකුණේ පහකුත්, වමේ පහකුත් තැබුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

රන් පහන්-රුක් දසයත් ඒවායේ නියමයේ හැටියට ඔහු සාදා මාලිගාවෙහි දකුණේ පහකුත් වමේ පහකුත් තැබුවේය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 4:7
13 හුවමාරු යොමු  

ඔහු රථ පහක් මාලිගාවට දකුණු පැත්තෙන් ද පහක් වම් පැත්තෙන් ද තැබුවේ ය. ඔහු වතුර පොකුණ මාලිගාවට දකුණු පැත්තෙන් නැගෙනහිර දිශාවටත්, දකුණු දිශාවටත් අතරේ තැබුවේ ය.


දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරිපිට දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් පහක් බැගින් තැබීමට තනි රනින් පහන් රුක් ද මල් ද පහන් ද අඬු ද


තමාගේ හිතේ තිබුණු සියල්ල වන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මණ්ඩපවලත්, වට කාමරවලත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, කැප කරන ලද දේ තිබූ ගබඩාවලත්,


එක එක සේවයේ සියලු රන් බඩුවල සැලැස්ම ද රන්වල බර ද සියලු රිදී බඩුවල සැලැස්ම ද එක එක සේවයේ සියලු බඩුවල බර ද


රන් පහන් රුක්වලත් ඒවායේ රන් පහන්වලත් බර ද එක එක පහන් රුකේත්, එහි පහන්වලත් බර ද රිදී පහන් රුක්වලත් එක එක පහන් රුකේ වැඩ ලෙස එක එකේ සහ ඒවායේ පහන්වලත් බර ද


“මේ සටහනේ සියලු වැඩ තේරුම් කර දුන් සමිඳාණන් වහන්සේගේ අතින් මා ලවා සියල්ල ම ලියවා තිබේ ය”යි දාවිත් කීවේ ය.


යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.


මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල: “කන්දේ දී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ”යි දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක් ව තිබෙන දේවලට සේවය කරති.


මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා සතෙහි ද රන් පහන් රුක් සතෙහි ද ගුප්තාර්ථය මේ ය; තාරකා සත නම් සභා සතේ දූතයෝ ය; පහන් රුක් සත නම් සභා සත ය.