ඔහු සමිඳාණන් වහන්සේ වදාළ ලෙස සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ල ද රජ ගෙයි වස්තු ද එතැනින් පිටතට ගෙන යනුයේ, ඉශ්රායෙල් රජ වූ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලි කොට කැපී ය.
2 ලේකම් 4:19 - Sinhala New Revised Version 2018 සලමොන් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු බඩු වන රන් පූජාසනය ද, පිදීමේ පූප තිබුණු මේස ද, Sinhala New Revised Version සලමොන් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු බඩු වන රන් පූජාසනය ද, පිදීමේ රොටි තිබුණු මේස ද, Sinhala Revised Old Version සාලමොන් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු වන රන් පූජාසනයද පිදීමේ රොටි තිබුණු මේසද; |
ඔහු සමිඳාණන් වහන්සේ වදාළ ලෙස සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ල ද රජ ගෙයි වස්තු ද එතැනින් පිටතට ගෙන යනුයේ, ඉශ්රායෙල් රජ වූ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලි කොට කැපී ය.
සලමොන් තීර්හි හූරාම් රජුට පණිවුඩයක් යවමින්, “මාගේ පිය වූ දාවිත්ට වාසය කිරීමට ගෙයක් ගොඩනැඟීම පිණිස ඔබ කිහිරි ලී එවීමෙන් ඔහු සමඟ ගනු දෙනු කළ පරිදි මා සමඟත් ගනු දෙනු කළ මැනව.
ඊළඟ අවුරුද්දේ දී නෙබුකද්නෙශර් රජ ඔහු සහ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදර වූ ශෙදෙකියා ජුදා සහ ජෙරුසලමෙහි රජ කොට පත් කෙළේ ය.
ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ ලොකු කුඩා සියලු භාණ්ඩ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජුගේත්, ඔහුගේ අධිපතීන්ගේත් වස්තු ද යන සියල්ල ම බබිලෝනියට ගෙන ගියේ ය.
ඔහු මේස දහයක් ද සාදා, පහක් මාලිගාවේ දකුණේ ද පහක් වමේ ද තැබුවේ ය. ඔහු රන් තලි සියයකුත් සෑදුවේ ය.
බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් මේ ස්ථානයෙන් රැගෙන බබිලෝනියට ගෙන ගිය දේව මාලිගාවේ සියලු ම භාණ්ඩ අවුරුදු දෙකක් ඇතුළත දී නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි.
තවත් දේව දූතයෙක් රන් ධූම පාත්‍රයක් රැගෙන පූජාසනය ළඟ සිටියේ ය. සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙන ලද්දේ ය.
සය වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට, “එප්‍රාත් නම් මහා ගංගාව අසබඩ බඳින ලද දූතයන් සතර දෙනා මුදන්නැ”යි,