2 ලේකම් 3:7 - Sinhala New Revised Version 2018 ඔහු මාලිගාව ද බාල්ක ද උළුවහු ද එහි බිත්ති ද දොරවල් ද රනින් ආලේප කෙළේ ය. බිත්තිවල කෙරුබ් රූප ද කැටයම් කෙළේ ය. Sinhala New Revised Version ඔහු මාලිගාව ද බාල්ක ද උළුවහු ද එහි බිත්ති ද දොරවල් ද රනින් ආලේප කෙළේ ය. බිත්තිවල කෙරුබ් රූප ද කැටයම් කෙළේ ය. Sinhala Revised Old Version ඔහු ගෘහයද බාල්කද උළුවහුද ඒකේ භිත්තිද දොරවල්ද ඇතුළුව රනින් වැසුවේය. භිත්තිවල කෙරූබ්-රූපද කැටයම්කළේය. |
“තවද, නුඹ නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණ පිළියෙන් ද කළ තිර දහයකින් මණ්ඩපය සෑදිය යුතු වේ. ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කොට තිබිය යුතු වේ.
තවද, ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු සාදා හරස් ලී ද රනින් ආලේප කළ යුතු ය.
ඔව්හු තමන්ගේ අලංකාර ආභරණ අහංකාර වීමට කරුණක් කරගත්හ. එයින් පිළිකුල් රූප වන අශික්ෂිත දේ සාදාගත්හ. එබැවින් මම ඔවුන්ගේ වස්තුව ඔවුන්ට ම පිළිකුලක් කෙළෙමි.