ඔවුන් මා අත්හැර ඔවුන් කළ සියලු ක්‍රියාවලින් මා කෝප කරවන ලෙස වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළ බැවින්, මාගේ උදහස මේ ස්ථානයට විරුද්ධ ව ඇවිළෙන්නේ ය. එය නිවෙන්නේ නැත.
2 ලේකම් 28:25 - Sinhala New Revised Version 2018 ජුදාහි සියලු නගරවල ම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන පිණිස ඔහු ගිරිකුළු දේවාල සාදා තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කෙළේ ය. Sinhala New Revised Version ජුදාහි සියලු නගරවල ම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන පිණිස ඔහු ගිරිකුළු දේවාල සාදා තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කෙළේ ය. Sinhala Revised Old Version යූදාහි සියලු නුවරවලම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ඔහු උස්තැන් සාදා තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකෙළේය. |
ඔවුන් මා අත්හැර ඔවුන් කළ සියලු ක්‍රියාවලින් මා කෝප කරවන ලෙස වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළ බැවින්, මාගේ උදහස මේ ස්ථානයට විරුද්ධ ව ඇවිළෙන්නේ ය. එය නිවෙන්නේ නැත.
ආහාස් දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ එකතු කර, එහි වෙනත් භාණ්ඩ කැබලි කොට කපා, උන් වහන්සේගේ මාලිගාවේ දොරවල් වසා, ජෙරුසලමේ අස්සක් මුල්ලක් නෑර පූජාසන සාදා ගත්තේ ය.
මුල පටන් අග දක්වා ඔහුගේ අනික් ක්‍රියා ද ඔහුගේ සියලු ප්‍රතිපත්ති ද ජුදා සහ ඉශ්රායෙල් රජුන්ගේ පොතෙහි ලියා තිබේ.
ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පු කොට, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේ ය.
ඔහු ගිරිකුළු පිටත්, හෙල් පිටත්, අතු පතර ඇති සියලු ගස් යටත් පූජා ද සුවඳ දුම් ද ඔප්පු කෙළේ ය.
ජුදාවේ සෙනඟට, නගර ඇති තරමට දෙවිවරුත් සිටිති; නින්දිතයා නම් වූ බාල් දෙවියාට නමස්කාරය සඳහා ජෙරුසලමේ වැසියන් ඔවුන්ට ඇති වීදි තරමට, පූජාසන ද පිහිටුවා ඇත.
ඉශ්රායෙල් හා ජුදාව ඉදි කෙළේ, සියලු බලැති ස්වාමීන් වන මම ය. එහෙත්, මා දැන් ඔවුන්ට විපත්තිය නියම කර ඇත. ඔවුන් බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් වැරදි දේ කර තිබෙන නිසා, ඔවුන් මා කෝප කරවා ඇත.”
නුඹ සෑම වීදියක ප්‍රසිද්ධ තැන්වල වේශ්‍යාකම් කිරීම සඳහා ද දේව රූපවලට නැමදීම සඳහා ද ස්ථාන සාදාගත්තෙහි ය.