ඉශ්රායෙල්හි ගැළවී ඉතිරි වූ කුඩා පිරිස තමන් විනාශ කරන්න උත්සාහ කළ ජාතිය කෙරෙහි තවත් විශ්වාසය නොතබන කාලයක් පැමිණෙන්නේ ය. ඔව්හු ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ වන සමිඳාණන් වහන්සේ කෙරෙහි තමන්ගේ විශ්වාසය සැබෑ ලෙස තබන්නෝ ය.
2 ලේකම් 28:16 - Sinhala New Revised Version 2018 ඒ කාලයෙහි ආහාස් රජ තමාට උපකාර කරන ලෙස අසිරියාවේ රජු වෙත පණිවුඩයක් යැවී ය. Sinhala New Revised Version ඒ කාලයෙහි ආහාස් රජ තමාට උපකාර කරන ලෙස අසිරියාවේ රජු වෙත පණිවුඩයක් යැවී ය. Sinhala Revised Old Version ඒ කාලයෙහි ආහාස් රජ තමාට උපකාරකරන්ට කියා අෂූර්හි රජුන් වෙතට පණිවිඩයක් ඇරියේය. |
ඉශ්රායෙල්හි ගැළවී ඉතිරි වූ කුඩා පිරිස තමන් විනාශ කරන්න උත්සාහ කළ ජාතිය කෙරෙහි තවත් විශ්වාසය නොතබන කාලයක් පැමිණෙන්නේ ය. ඔව්හු ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ වන සමිඳාණන් වහන්සේ කෙරෙහි තමන්ගේ විශ්වාසය සැබෑ ලෙස තබන්නෝ ය.
“ඉශ්රායෙල් රාජ්‍යය ජුදාවෙන් වෙන් වූ කාලයේ පටන් නුවූ විරූ අන්දමේ දුක් කරදර සමිඳාණන් වහන්සේ නුඹ පිටත්, නුඹේ සෙනඟ පිටත්, මුළු රජ පවුල පිටත් පමුණුවන සේක. උන් වහන්සේ අසිරියාවේ රජු නුඹට විරුද්ධ ව එවන සේක.”
ඉදින්, මිසරයට යෑමෙන් නුඹ කුමක් අත්කරගන්නට බලාපොරොත්තු වන්නෙහි ද? නුඹ අදහස් කරන්නේ එහි නයිල් ගඟෙන් වතුර බොන්නට ද? අසිරියාවට යෑමෙන් නුඹ කුමක් අත්කරගන්නට බලාපොරොත්තු වන්නෙහි ද? නුඹ අදහස් කරන්නේ යුප්‍රටීස් ගඟෙන් වතුර බොන්නට ද?
නුඹලා මාර්ග වෙනස් කරගනිමින් වගකීමෙන් තොර ව තැනින් තැන යන එන රඟ! අසිරියාව මඟින් නුඹලා ලජ්ජාවට පත් වූවාක් මෙන් මිසරය මඟින් ද නුඹලා ලජ්ජාවට පත් වන්නහු ය.
“එප්‍රායිම් තමාගේ රෝගාතුරකම ද ජුදාව තමාගේ තුවාළ ද දුටු කල එප්‍රායිම් අසිරියාවට ගිය නමුත්, ජුදා විසින් මහ රජතුමාට පණිවුඩයක් යවනු ලැබූ නමුත්, රෝගය වත් තුවාළය වත් සුව කිරීමට ඒ රජුට බැරි විය.