ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 28:15 - Sinhala New Revised Version 2018

එවිට නම් සඳහන් කොට පත් කරන ලද මනුෂ්‍යයෝ නැඟිට, අසුවුණ අය කැඳවාගෙන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍ර දී, ඔවුන්ට හඳවා, ඔවුන්ට වහන් ද කෑම බීම ද දී, තෙල් ගා, බෙලහීන ව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවර වූ ජෙරිකෝවේ ඔවුන්ගේ සහෝදරයන් වෙත ගෙනවුත්, පසු ව සමාරියට හැරී ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට නම් සඳහන් කොට පත් කරන ලද මනුෂ්‍යයෝ නැඟිට, අසුවුණ අය කැඳවාගෙන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍ර දී, ඔවුන්ට හඳවා, ඔවුන්ට වහන් ද කෑම බීම ද දී, තෙල් ගා, බෙලහීන ව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවර වූ ජෙරිකෝවේ ඔවුන්ගේ සහෝදරයන් වෙත ගෙනවුත්, පසු ව සමාරියට හැරී ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට නම් සඳහන්වූ මනුෂ්‍යයෝ නැගිට, අසුවුණ අය කැඳවාගන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍රදී, ඔවුන්ට පළඳවා, ඔවුන්ට වහන්ද කෑම බීමද දී, තෙල් ගා, බෙලහීනව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවරවූ යෙරිකෝවට ඔවුන්ගේ සහෝදරයන් වෙතට ගෙනවුත්, පසුව සමාරියට හැරී ගියෝය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 28:15
21 හුවමාරු යොමු  

ඔහු, “ඔබ ඔවුන්ට පහර නොදිය යුතු ය. ඔබේ කඩුවෙන් ද ඔබේ දුන්නෙන් ද අල්ලාගත් තැනැත්තන්ට ඔබ පහර දෙන්නෙහි ද? ඔවුන් කා බී තමන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන්ට කෑම ද වතුර ද දෙන්නැ”යි කී ය.


ඔහු ඔවුන්ට මහා භෝජන සංග්‍රහයක් පිළියෙළ කළේ ය. ඔවුන් ආහාර පාන අනුභව කළ පසු ඔහු ඔවුන් පිටත් කර හැරියේ ය. ඔව්හු ද තමන්ගේ ස්වාමියා ළඟට ගියෝ ය. සිරියාවේ ආක්‍රමණය සඳහා යෙදෙන කණ්ඩායම් තවත් ඉශ්රායෙල් රටට නාවෝ ය.


එකල එප්‍රායිම්වරුන්ගේ ප්‍රධානීන්ගෙන් සමහරෙකු වූ ජොහානාන්ගේ පුත් අශරියා ද මෙෂිල්ලේමොත්ගේ පුත් බෙරෙකියා ද ෂල්ලුම්ගේ පුත් ජෙහිස්කියා ද හද්ලයිගේ පුත් අමාසා ද යුද්ධයෙන් ආ අයට විරුද්ධ ව නැඟිට සිට,


මෙසේ කී පසු ආයුධ ගත් තැනැත්තෝ අල්ලාගනු ලැබූ අය සහ කොල්ලය, අධිපතීන් සහ මුළු සභාව ඉදිරියෙහි හැර දමා යන්න ගියෝ ය.


ජෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස්දෙනෙක් ය.


එවිට ඔව්හු උත්තර දෙමින්, “අපි ඒවා ආපසු දී, ඔවුන්ගෙන් කිසිත් අය නොකර ඔබ කියන ලෙස ම කරන්නෙමු”යි කීවෝ ය. එවිට මම පූජකයන්ට අඬගසා, පොරොන්දුවේ හැටියට ක්‍රියා කරන ලෙස ඔවුන්ගෙන් දිවුරුම් ගතිමි.


සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ.


“මට සවන් දෙන ඔබට මෙ‍ය කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න;


උන් වහන්සේ ගොඩ බසිත් ම, නුවරින් ආ දුෂ්ටාත්මාවේශ වූ මිනිසෙක් උන් වහන්සේට හමු විය. ඔහු බොහෝ කලක් ම නිර්වස්ත්‍ර ව, ගෙයක නොව, සොහොන් ගෙවල වාසය කෙළේ ය.


ඒ සිද්ධිය බලන පිණිස මිනිස්සු පිටත් ව අවුත්, ජේසුස් වහන්සේ වෙත පැමිණ, දුෂ්ටාත්මයන් දුරු කරනු ලැබූ මිනිසා ඇඳුම් ඇඳ, හොඳ සිහි කල්පනාවෙන් ජේසුස් වහන්සේගේ පාමුල ඉඳිනු දැක බිය වූ හ.


එවිට පේදුරු පිටත් ව ඔවුන් සමඟ ගියේ ය. ඔහු පැමිණි කල, ඔව්හු උඩුමහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹුවෝ ඔහු වටා සිට හඬ හඬා, දොර්කස් ජීවත් ව සිටිය දී මැහූ කමිසත් කබාත් පෙන්වූ හ.


තවද ඇදහිල්ලෙහි ශක්තිමත් වූ අපි, අප ගැන ම නොසිතා ඇදහිල්ලෙහි දුර්වල වූවන්ගේ ප්‍රමාද දෝෂ ඉවසීමෙන් දරාගනිමු.


දකුණු දිග ද ඉඳි ගස් නගරය යන අර්ථය ඇති ජෙරිකෝව පිහිටි මිටියාවතේ සිට ශෝවර් දක්වා තිබෙන තැනිතලාව ද පෙන්වූ සේක.


ඈ යහපත් ක්‍රියාවෙන් සාක්ෂි දැරීම ද, දරුවන් ඇතිදැඩි කිරීම ද ආගන්තුක සත්කාර කිරීම ද සැදැහැවතුන්ගේ පා සේදීම ද පීඩා විඳින්නන්ට උපකාර කිරීම ද සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදීම ද පිළිබඳ ප්‍රසිද්ධියක් දරන තැනැත්තියක් විය යුතු යි.


කේනීය ජාතිකයෙකු වූ මෝසෙස්ගේ මාමණ්ඩියගේ පරම්පරාව ජුදා සෙනඟ සමඟ ඉඳි ගස් නම් නුවර සිට අවුත්, අරාද්ට දකුණෙන් තිබෙන ජුදා පාළුකරයට ගොස් අමලෙක්වරුන් සමඟ වාසය කළෝ ය.