තවද, ඔහු රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම්ට ද ෂෙබ්නා ලේකම්ට ද පූජකයන්ගේ මූලිකයන්ට ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ළඟට යැවී ය.
2 ලේකම් 26:22 - Sinhala New Revised Version 2018 උශ්ශියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ආමොස්ගේ පුත් දිවැසිවර යෙසායා විසින් ලියන ලද්දේ ය. Sinhala New Revised Version උශ්ශියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ආමොස්ගේ පුත් දිවැසිවර යෙසායා විසින් ලියන ලද්දේ ය. Sinhala Revised Old Version උස්සියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ආමොශ්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා විසින් ලියනලද්දේය. |
තවද, ඔහු රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම්ට ද ෂෙබ්නා ලේකම්ට ද පූජකයන්ගේ මූලිකයන්ට ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ළඟට යැවී ය.
මුල පටන් අන්තිම දක්වා රෙහොබෝවම්ගේ ක්‍රියා දිවැසිවර ෂෙමායාගේ ද ඉද්දෝ නම් දිවැසිවරයාගේ ද පුරාවෘත්ත ග්‍රන්ථවල පරම්පරා වශයෙන් වාර්තාකර තිබෙනු නොවේ ද? රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතරේ නිතර ම යුද්ධ පැවතුණේ ය.
අමශියාගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි රජුන්ගේ ද ඉශ්රායෙල් රජුන්ගේ ද පොතෙහි ලියා තිබෙනු නොවේ ද?
උශ්ශියා මියගියේ ය. මනුෂ්‍යයෝ ඔහු ලාදුරු රෝගියෙක් ය කියා ඔහුගේ පියවරුන් ළඟ රජවරුන්ගේ සොහොන් පළේ පිට්ටනියෙහි ඔහු තැන්පත් කළෝ ය. ඉන්පසු ඔහුගේ පුත් ජෝතාම් ඔහු වෙනුවට රජ විය.
හෙසකියාගේ අනික් ක්‍රියා ද ඔහුගේ භක්තිමත් කෘත්‍යයන් ද ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයාගේ දර්ශන පොතෙහි ද ජුදා සහ ඉශ්රායෙල් රජුන්ගේ පොතෙහි ද ලියා තිබේ.
සලමොන් රජුගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා, දිවැසිවර නාතාන්ගේ ඉතිහාසයේ ද ෂිලෝනීය අහියාගේ දිවැස් වැකියේ ද නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් ගැන දිවැස් ඇත්තා වන ඉද්දෝ ලියූ දර්ශන ග්‍රන්ථයේ ද ලියා තිබෙනු නොවේ ද?
ජුදාහි රජවරුන් වූ උශ්ශියාගේ ද ජෝතාම්ගේ ද ආහාස්ගේ ද හෙසකියාගේ ද කාලයන්හි දී ජුදා දේශය හා ජෙරුසලම පිළිබඳ ව ආමොස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ එළිදරව් කළ පණිවුඩ මේ පොතේ සටහන් කර ඇත.
උශ්ශියා රජු මරණයට පත් වූ අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උස් වූ උදාර වූ සිංහාසනයක් මත වැඩ හිඳිනු මම දිටිමි. උන් වහන්සේගේ සළුවෙන් දේව මාලිගාව පිරී තිබුණේ ය.