ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 26:11 - Sinhala New Revised Version 2018

යුද්ධයට පුහුණු වූ සේනාවක් ද උශ්ශියාට සිටියේ ය. ලේකම් වන ජෙයීයෙල් විසින් ද නිලධාරියා වූ මයසේයා විසින් ද ඔවුන් ගණන් කරන ලද සංඛ්‍යවේ හැටියට ඔව්හු රජුගේ අධිපතියෙකු වූ හනනියාගේ පාලනය යටතේ හමුදා වශයෙන් සේවයට පිටත් ව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

යුද්ධයට පුහුණු වූ සේනාවක් ද උශ්ශියාට සිටියේ ය. ලේකම් වන ජෙයීයෙල් විසින් ද නිලධාරියා වූ මයසේයා විසින් ද ඔවුන් ගණන් කරන ලද සංඛ්‍යවේ හැටියට ඔව්හු රජුගේ අධිපතියෙකු වූ හනනියාගේ පාලනය යටතේ හමුදා වශයෙන් සේවයට පිටත් ව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යුද්ධයට යන්නාවූ සේනාවක්ද උස්සියාට සිටියාය. ලේකම් වන යෙයියෙල් විසින්ද මුලාදෑනියාවූ මයසේයා විසින්ද ඔවුන් ගණන් කළ ගණනේ හැටියට ඔව්හු රජුගේ අධිපතියෙක්වූ හනනියාගේ අත යටතේ හමුදා වශයෙන් සේවයට පිටත්ව ගියෝය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 26:11
3 හුවමාරු යොමු  

සිරියන්වරුන්ගේ එක්තරා ආක්‍රමණයක දී ඔවුන් ඉශ්රායෙල් දේශයෙන් කුඩා දැරියක අල්ලාගෙන අවුත් තිබිණි. ඈ නාමන්ගේ භාර්යාවට සේවය කළා ය.


ඔහුට පහත රටෙහිත්, සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු පාළුකරයෙහි මුරකොටු ගොඩනඟා බොහෝ ජලාශයන් ද සෑදුවේ ය. ඔහු ගොවි කර්මාන්තයට සතුටු ව සිටි බැවින් ඔහුට කඳුවලත්, සරු කෙත්වලත් ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද සිටියෝ ය.


බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේ මුළු ගණන දෙදස් හයසියයක් ය.