එසේ වී නමුත්, ගිරිකුළු දේවාල ඉවත් නොකරන ලදී. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල පූජා කොට සුවඳ ද්‍රව්‍ය පිදූ හ.
2 ලේකම් 25:2 - Sinhala New Revised Version 2018 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, එසේ කෙළේ මුළු සිතින් නොවේ. Sinhala New Revised Version ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, එසේ කෙළේ මුළු සිතින් නොවේ. Sinhala Revised Old Version ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය, නුමුත් සම්පූර්ණ සිතකින් නොවේය. |
එසේ වී නමුත්, ගිරිකුළු දේවාල ඉවත් නොකරන ලදී. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල පූජා කොට සුවඳ ද්‍රව්‍ය පිදූ හ.
ජෙහෝයාදා පූජකයාගේ කාලයේ මුළුල්ලෙහි ජෝවාෂ් සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.
අමශියා ඒදොම්වරුන් මරා පැමිණි පසු, සේයිර්වරුන්ගේ දෙවිවරුන් ගෙන වුත් තමාට දෙවිවරුන් කොට තබාගෙන, ඒවා ඉදිරියෙහි වැඳ වැටී ඒවාට සුවඳ දුම් ඔප්පු කෙළේ ය.
ඔවුන්ගේ සිත් එතුමාණෝ කෙරෙහි නිතර ම එකඟ නො වී ය. එතුමාණන්ගේ ගිවිසුමට විශ්වාසවන්ත ව නොසිටියෝ ය.
සමිඳාණෝ මෙසේ වදාළ සේක: “මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායයෝ පමණකි.
ඔවුන්ගේ සිත් භේද භින්න වී ඇත. ඔවුන් තමන්ගේ පාපයට දඬුවම් විඳිය යුතු ය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පූජාසන කඩාදමා ඔවුන්ගේ පූජනීය රූපස්ථම්භ විනාශ කරනු ඇත.
මේ කාරණයෙහි කොටසක් වත් පංගුකාරකමක් වත් ඔබට නැත. මන්ද, දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබේ සිත අවංක නැත.
ඔහු සිත් දෙගිඩියාවෙන් පසුවන මනුෂ්‍යයෙකු ව තමාගේ සියලු ක්‍රියා මාර්ගවල දී අස්ථීර ව සිටින්නේ ය.
දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක. පව්කාරයෙනි, ඔබගේ අත් පවිත්‍ර කරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබගේ සිත් පිරිසිදු කරගන්න.
එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක.