ඔහු සමාරිය කන්ද රිදී කාසි හයදහසකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි නගරයක් ගොඩනඟා, තමා ගොඩනැඟුවාවූ නගරයට කන්ද අයිතිකරු වූ ෂෙමෙර්ගේ නාමය අනුව සමාරිය යන නම තැබී ය.
2 ලේකම් 25:13 - Sinhala New Revised Version 2018 අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියා වූ හමුදාවේ භටයෝ සමාරියේ සිට බෙත්-හෝරොන් දක්වා ජුදාහි නුවරවලට වැද, එහි දී තුන්දහසකට පහර දී බොහෝ කොල්ලය ගත්තෝ ය. Sinhala New Revised Version අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියා වූ හමුදාවේ භටයෝ සමාරියේ සිට බෙත්-හෝරොන් දක්වා ජුදාහි නුවරවලට වැද, එහි දී තුන්දහසකට පහර දී බොහෝ කොල්ලය ගත්තෝ ය. Sinhala Revised Old Version අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියාවූ හමුදාවේ මනුෂ්‍යයෝ සමාරියේ සිට බෙත්හෝරොන් දක්වා යූදාහි නුවරවලට වැද, එහිදී තුන්දහසකට පහරදී බොහෝ කොල්ලය ගත්තෝය. |
ඔහු සමාරිය කන්ද රිදී කාසි හයදහසකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි නගරයක් ගොඩනඟා, තමා ගොඩනැඟුවාවූ නගරයට කන්ද අයිතිකරු වූ ෂෙමෙර්ගේ නාමය අනුව සමාරිය යන නම තැබී ය.
ජුදාහි රජ වූ ආසාගේ තිස්අට වන අවුරුද්දේ දී ඔම්රීගේ පුත් ආහබ් ඉශ්රායෙල්වරුන්ගේ රජ වී සමාරියේ විසිදෑවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.
ජුදාවරු තව දසදහසක් පණපිටින් අල්ලාගෙන, ඔවුන් පර්වතයේ මුදුනට ගෙන ගොස් පර්වතය මුදුනෙන් පහළට හෙළා දැමුවෝ ය. ඔව්හු සියල්ලෝ ද සුණු විසුණු වූ හ.
අමශියා ඒදොම්වරුන් මරා පැමිණි පසු, සේයිර්වරුන්ගේ දෙවිවරුන් ගෙන වුත් තමාට දෙවිවරුන් කොට තබාගෙන, ඒවා ඉදිරියෙහි වැඳ වැටී ඒවාට සුවඳ දුම් ඔප්පු කෙළේ ය.
එසේ ම ඉහළ බෙත්-හෝරන් ද පහළ බෙත්-හෝරන් ද යන පවුරු, දොරටු හා අගුල් ඇති බලකොටු සහිත නගර ද
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය.