මෙකී රජවරු පස්දෙන දැන් මළ මුහුද නමින් හැඳින්වෙන සිද්දීම් මිටියාවතෙහි සමගි පෙරමුණක් බැඳ ගත්හ.
2 ලේකම් 20:2 - Sinhala New Revised Version 2018 එවිට සමහරෙක් අවුත්, ජෙහෝෂාපාට්ට කතා කොට, “මුහුද එගොඩින් ඒදොම්හි සිට මහත් සමූහයක් ඔබට විරුද්ධ ව එන්නාහ. ඔව්හු හශශොන්-තාමාර්හි හෙවත් එන්-ගෙදියෙහි සිටිති”යි දැන්වූ හ. Sinhala New Revised Version එවිට සමහරෙක් අවුත්, ජෙහෝෂාපාට්ට කතා කොට, “මුහුද එගොඩින් ඒදොම්හි සිට මහත් සමූහයක් ඔබට විරුද්ධ ව එන්නාහ. ඔව්හු හශශොන්-තාමාර්හි හෙවත් එන්-ගෙදියෙහි සිටිති”යි දැන්වූ හ. Sinhala Revised Old Version එවිට සමහරෙක් ඇවිත් යෙහෝෂාපාට්ට කථාකොට: මුහුද එගොඩින් සිරියේ සිට මහත් සමූහයක් ඔබට විරුද්ධව එන්නාහ; ඔව්හු හශශොන්-තාමාර්හි (ඒන්-ගෙදිය කියන්නෙත් ඊටමයි) සිටිතියි කියා දැන්නුවෝය. |
මෙකී රජවරු පස්දෙන දැන් මළ මුහුද නමින් හැඳින්වෙන සිද්දීම් මිටියාවතෙහි සමගි පෙරමුණක් බැඳ ගත්හ.
ඔව්හු හැරී ඇවිත් කාදෙෂ් හෙවත් ‘විමංසන-උල්පත’ යන අර්ථය ඇති ඒන්-මිෂ්පාට් දක්වා පැමිණ, අමලෙක්වරුන්ගේ මුළු දේශය ද, හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන් ද පරාජය කළහ.
මසුන් අල්ලන්නන් එය අද්දර සිටිනු ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන ඇති වන්නේ ය. එහි මත්ස්‍යයෝ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහා ගණනක් සිටිති.
“දකුණු දේශ සීමාව නම්, තාමාර් පටන් මෙරිබොත්-කාදෙෂ්හි ජලයත්, ඉක්බිති මිසර ඔය දිගේ මධ්‍යධරණි මුහුදත් දක්වා තිබේ. දකුණු දිශාවේ දකුණු සීමාව එය වේ.
“ගාද්ගේ වංශයේ දේශ සීමාව ළඟ දකුණු දිශාවට දකුණු පැත්තේ සීමාව නම්, තාමාර් පටන් මෙරිබත්-කාදෙශ්හි ජලයත්, මිසර ඔයත්, මධ්‍යධරණි මුහුදත් දක්වා තිබෙන්නේ ය.
එතැනින් දකුණු දෙසට මළ මුහුදට වැටෙන ජොර්දාන් ගඟ ඔස්සේ ද වැටෙනු ඇත. නුඹලාට හිමි වන දේශයේ මායිම් මේවා වනු ඇත.’ ”
ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ.