Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 48:28 - Sinhala New Revised Version 2018

28 “ගාද්ගේ වංශයේ දේශ සීමාව ළඟ දකුණු දිශාවට දකුණු පැත්තේ සීමාව නම්, තාමාර් පටන් මෙරිබත්-කාදෙශ්හි ජලයත්, මිසර ඔයත්, මධ්‍යධරණි මුහුදත් දක්වා තිබෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 “ගාද්ගේ වංශයේ දේශ සීමාව ළඟ දකුණු දිශාවට දකුණු පැත්තේ සීමාව නම්, තාමාර් පටන් මෙරිබත්-කාදෙශ්හි ජලයත්, මිසර ඔයත්, මධ්‍යධරණි මුහුදත් දක්වා තිබෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 ගාද්ගේ සීමාව ළඟ දකුණු දිශාවට දකුණු පැත්තේ සීමාව නම් තාමාර් පටන් මෙරීබත්-කාදෙෂ්හි ජලයත් මිසර ඔයත් මහ මුහුදත් දක්වා තිබෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 48:28
12 හුවමාරු යොමු  

“ දේශයේ සීමා මෙසේ ය: උතුරු දිශාවේ මධ්‍යධරණි මුහුදේ සිට සෙදාද්ට පැමිණෙන හෙත්ලොන් මාර්ගයේ තිබෙන ලෙබෝ හමාත් ද බේරෝතා ද


එවිට සමහරෙක් අවුත්, ජෙහෝෂාපාට්ට කතා කොට, “මුහුද එගොඩින් ඒදොම්හි සිට මහත් සමූහයක් ඔබට විරුද්ධ ව එන්නාහ. ඔව්හු හශශොන්-තාමාර්හි හෙවත් එන්-ගෙදියෙහි සිටිති”යි දැන්වූ හ.


මසුන් අල්ලන්නන් එය අද්දර සිටිනු ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන ඇති වන්නේ ය. එහි මත්ස්‍යයෝ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහා ගණනක් සිටිති.


ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ම රටේ එක කොණක සිට අනික් කොණ දක්වා, යුප්‍රටීස් සිට නයිල් ගඟ දක්වා උන් වහන්සේගේ ඉශ්රායෙල් සෙනඟ රැස් කොට විනිශ්චයය කරන සේක. උන් වහන්සේ හොඳ ධාන්‍ය බොල්වලින් වෙන් කරන්නාක් මෙන් සුදනන් දුදනන්ගෙන් වෙන් කරන සේක.


සෙනඟ මෙරිබාහි දිය උල්පත ළඟදීත් එතුමාණන් කෝප කළහ. එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට දුක් කරදර ඇති විය.


“ඒ ප්‍රදේශයේ ගාසාවේ ද අෂ්දොද්හි ද අෂ්කෙලොන්හි ද ගාත්හි ද එක්‍රොන්හි ද පිලිස්තිවරුන්ගේ අධිපතීහු පස්දෙනා විසූ හ. තවද, අවිම් පළාත ද එයට අයිති ය.


එතැන සිට මිසරයේ ගඟ දක්වා මායිම වැටී මධ්‍යධරණි මුහුදෙන් කෙළවර වනු ඇත.


ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දොස් තැබූ බැවිනුත්, ඒ වතුර මඟින් උන් වහන්සේ සිය ශුද්ධ බල මහිමය ඔවුන්ට ප්‍රකාශ කළ බැවිනුත්, ඒ වතුර “මෙරිබාහි වතුර ය”යි නම් කරනු ලැබී ය.


පළමු වන මාසයේ දී මුළු ඉශ්රායෙල් ජනතාව ශීන් නම් පාළුකරයට ඇතුළු වී කාදෙෂ් නම් ස්ථානයේ නවාතැන් ගත්හ. එහි දී මීරියම් මරණයට පත් වූයෙන්, ඈ භූමදාන කෙරිණි.


ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව දක්වා


ඔව්හු හැරී ඇවිත් කාදෙෂ් හෙවත් ‘විමංසන-උල්පත’ යන අර්ථය ඇති ඒන්-මිෂ්පාට් දක්වා පැමිණ, අමලෙක්වරුන්ගේ මුළු දේශය ද, හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන් ද පරාජය කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්