හීරාම් රජ සලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීති වී, “ඒ ශ්‍රේෂ්ඨ ජාතිය ආණ්ඩු කරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන් සමිඳාණන් වහන්සේට අද ප්‍රශංසා වේ වා!”යි කීවේ ය.
2 ලේකම් 2:12 - Sinhala New Revised Version 2018 තවදුරටත් හූරාම් කියනුයේ, “අහසත්, පොළොවත් මැවූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, සමිඳාණන් වහන්සේට මාලිගාවක් ද තමාට ම රජමැදුරක් ද ගොඩනැඟීමට සිහි කල්පනාවෙන් හා නැණ නුවණින් යුක්ත පුත්‍රයෙකු උන් වහන්සේ දාවිත් රජුට දුන් සේක. Sinhala New Revised Version තවදුරටත් හූරාම් කියනුයේ, “අහසත්, පොළොවත් මැවූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, සමිඳාණන් වහන්සේට මාලිගාවක් ද තමාට ම රජමැදුරක් ද ගොඩනැඟීමට සිහි කල්පනාවෙන් හා නැණ නුවණින් යුක්ත පුත්‍රයෙකු උන් වහන්සේ දාවිත් රජුට දුන් සේක. Sinhala Revised Old Version තවද හූරාම් කියනුයේ: අහසත් පොළොවත් මැවුවාවූ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, මක්නිසාද ස්වාමීන්වහන්සේට ගෘහයක්ද තමාගේ රාජ්‍යයට ගෘහයක්ද ගොඩනැගීමට සිහිකල්පනාවෙන් හා නුවණින් යුක්තවූ ප්‍රඥාවන්ත පුත්‍රයෙකු උන්වහන්සේ දාවිත් රජුට දුන්සේක. |
හීරාම් රජ සලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීති වී, “ඒ ශ්‍රේෂ්ඨ ජාතිය ආණ්ඩු කරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන් සමිඳාණන් වහන්සේට අද ප්‍රශංසා වේ වා!”යි කීවේ ය.
එවිට දාවිත් මුළු සභාවට කතා කොට, “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කී ය. මුළු සභාව ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින්, හිස නමා සමිඳාණන් වහන්සේටත්, රජුටත් වැන්දෝ ය.
එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය; ජීවමාන දෙවි තුමාණෝ ය; සදාකාල රජ තුමාණෝ ය. එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි. එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි.
“ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන්, සිය සෙනඟ වෙත බලා කරුණාවෙන්, විමුක්තිය සලසා දුන් බැවින්, එතුමන් හට තුති පැසසුම් වේ වා!
“මනුෂ්‍යයිනි, ඔබ මේ දේවල් කරන්නේ මන් ද? අපිත් ඔබ හා සමාන මිනිස්සු ය, ඔබ මේ නිෂ්ඵල දේවලින් දුරු ව, අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ, ජීවමාන දෙවියන් වහන්සේ වෙතට හැරෙන පිණිස සුබ අස්න ඔබ වෙත ගෙනෙමු.
මෙය ඇසූ ඔව්හු, එක හඬින් දෙවියන් වහන්සේට මෙසේ යාච්ඤා කළහ: “මහෝත්තම ස්වාමීනි, අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැව්වේ ඔබ වහන්සේ ය.
අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතුකොටගෙන, දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන්,
සදහට ම ජීවත් වන, ස්වර්ගයත් එහි ඇති දේත්, පොළොවත් එහි ඇති දේත්, මුහුදත් එහි ඇති දේත් මවා වදාළ තැනැන් වහන්සේගේ නාමයෙන් දිවුරමින් මෙසේ කී ය: “තවත් පමා වීමක් නැත.
“අපගේ සමිඳාණන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාව ද ගෞරවය ද බලය ද, ලබන්නට වටින තැනැන් වහන්සේ ය. මන්ද, ඔබ සියලු දේ මවා වදාළ සේක. ඔබගේ කැමැත්ත නිසා, සියලු දේ ඇති විය. සියලු දේ මවන ලද්දේ ය”යි කියන්නාහ.