Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 2:12 - Sinhala Revised Old Version

12 තවද හූරාම් කියනුයේ: අහසත් පොළොවත් මැවුවාවූ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, මක්නිසාද ස්වාමීන්වහන්සේට ගෘහයක්ද තමාගේ රාජ්‍යයට ගෘහයක්ද ගොඩනැගීමට සිහිකල්පනාවෙන් හා නුවණින් යුක්තවූ ප්‍රඥාවන්ත පුත්‍රයෙකු උන්වහන්සේ දාවිත් රජුට දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 තවදුරටත් හූරාම් කියනුයේ, “අහසත්, පොළොවත් මැවූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, සමිඳාණන් වහන්සේට මාලිගාවක් ද තමාට ම රජමැදුරක් ද ගොඩනැඟීමට සිහි කල්පනාවෙන් හා නැණ නුවණින් යුක්ත පුත්‍රයෙකු උන් වහන්සේ දාවිත් රජුට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 තවදුරටත් හූරාම් කියනුයේ, “අහසත්, පොළොවත් මැවූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, සමිඳාණන් වහන්සේට මාලිගාවක් ද තමාට ම රජමැදුරක් ද ගොඩනැඟීමට සිහි කල්පනාවෙන් හා නැණ නුවණින් යුක්ත පුත්‍රයෙකු උන් වහන්සේ දාවිත් රජුට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 2:12
21 හුවමාරු යොමු  

ස්වාමීන්ගේ වචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවනලද්දේය.


අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ,


සදාකාලේටම ජීවත්වන්නාවූ, සවර්ගයත් එහි තිබෙන දේත් පොළොවත් එහි තිබෙන දේත්, මුහුදත් එහි තිබෙන දේත් මැවුවාවූ තැනන්වහන්සේ ගැන දිවුරනුයේ, තවත් කල් නැත කියාද,


මනුෂ්‍යයෙනි, නුඹලා මේ දේවල් කරන්නේ මක්නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝය, නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරුව, අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන වූ දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිස ශුභාරංචිය නුඹලාට ගෙනෙමුව.


ඔව්හු ඒ අසා එක්සිත්ව දෙවියන්වහන්සේට හඬනඟා: අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ස්වාමිනි,


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟ බලා, ඔවුන්ට මිදීම සාදා දුන්සේක.


නුමුත් ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය. උන්වහන්සේගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට උන්වහන්සේගේ උදහස දරන්ට බැරිය.


අපේ උපකාරය අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගේ නාමය කෙරෙහිය.


ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක; ආකාශය ඔබගේ අත් වැඩය වේ.


මාගේ සුසුම්ලීමේ ශබ්දය නිසා මාගේ ඇට මසට ඇලෙයි.


සාලමොන් ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක්ද තමාගේ රාජ්‍යයට ගෘහයක්ද ගොඩනගන්ට අදහස්කරගන,


එවිට දාවිත් මුළු සභාවට කථාකොට: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කීය. මුළු සභාවද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරමින්, හිස නමා ස්වාමීන්වහන්සේටත් රජුටත් වැන්දෝය.


හීරාම් සාලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීතිවී: ඒ මහත්වූ සෙනඟ ආණ්ඩුකරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන්නාවූ ස්වාමීන්වහන්සේට අද ප්‍රශංසා වේවයි කීවේය.


ඉතින් මට පියෙක්වූ, ප්‍රඥාවන්තවූ, නුවණින් යුක්තවූ මනුෂ්‍යයෙක් වන හූරාම් එවමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්