ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 19:5 - Sinhala New Revised Version 2018

ඔහු ජුදා දේශයේ සියලු බලකොටු නගරවල, නගරයක් නගරයක් පාසා විනිශ්චයකාරයන් සිටුවා කතා කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු ජුදා දේශයේ සියලු බලකොටු නගරවල, නගරයක් නගරයක් පාසා විනිශ්චයකාරයන් සිටුවා කතා කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු යූදා දේශයේ සියලු බලකොටු නුවරවල නුවරක් නුවරක් පාසා විනිශ්චයකාරයන් සිටුවා කථාකොට:

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 19:5
9 හුවමාරු යොමු  

තවද, ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේ වෙනුවෙන් විනිශ්චය කිරීමටත්, නඩු හබ විසඳීමටත් ලෙවීවරුන්ගෙන් ද පූජකයන්ගෙන් ද ඉශ්රායෙල් පිය වංශවල ප්‍රධානීන්ගෙන් ද සමහර අය ජෙරුසලමට පත් කෙළේ ය. ඔව්හු ජෙරුසලමට හැරී ආවෝ ය.


තවද, ඔබ මුළු සෙනඟ අතුරින් දේව භය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් ඔවුන් පත් කරන්න.


ඉන්පසු වෙන ගඩොල් ගෙන පළමු ගඩොල් තිබූ ස්ථානවලට දමා තව බදාම ද රැගෙන ගෙය කපරාරු කළ යුතු ය.


“ ‘මිනී නොමරන්න; මිනී මරන කවරෙකු වුව ද විනිශ්චයට යටත් වනු ඇතැ’යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත.


එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟ කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට ‘මෝඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; ‘ජඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත.


විනිශ්චය කරද්දී, මිනිසුන්ගේ තරාතිරම් නොබලා, ලොකු කුඩා අයට එක සේ කන් දී, තීන්දුව දෙවියන් වහන්සේගෙන් එන බැවින් මිනිසුන්ට බිය නොවිය යුතු යයි ද දුෂ්කර නඩුවක් ඇත්නම් මා එය අසන පිණිස මා වෙත එය ගෙනෙන්නට ඕනෑ බව ද කීවෙමි.