මේ සියල්ලෝ තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ජෙදීයයෙල්ගේ පුත්‍රයන් ව, සේනා වශයෙන් යුද්ධයට යන්නට පුළුවන් වූ බලවන්ත මනුෂ්‍යයන් ව සිටියෝ ය. ඔව්හු දහහත්දාස් දෙසියදෙනෙක් වූ හ.
2 ලේකම් 17:17 - Sinhala New Revised Version 2018 ඊළඟට සිටියේ බෙන්ජමින්වරුන් අතර බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු වූ එල්යාදා ය. ඔහු සමඟ දුනු හා පලිස්වලින් සන්නද්ධ වූ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් වූවෝ ය. Sinhala New Revised Version ඊළඟට සිටියේ බෙන්ජමින්වරුන් අතර බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු වූ එල්යාදා ය. ඔහු සමඟ දුනු හා පලිස්වලින් සන්නද්ධ වූ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් වූවෝ ය. Sinhala Revised Old Version බෙන්යමින්ගෙන් බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෙක්වූ එල්යාදාය, ඔහු සමඟ දුනු හා පලිස්වලින් සන්නද්ධවූ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් වූවෝය. |
මේ සියල්ලෝ තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ජෙදීයයෙල්ගේ පුත්‍රයන් ව, සේනා වශයෙන් යුද්ධයට යන්නට පුළුවන් වූ බලවන්ත මනුෂ්‍යයන් ව සිටියෝ ය. ඔව්හු දහහත්දාස් දෙසියදෙනෙක් වූ හ.
ඔහු ජුදාවරුන්ට කතා කොට, “අපි මේ නගර ගොඩනඟා, අවට පවුරු ද කොටු ද දොරටු ද අගුල් ද සාදමු. අප විසින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ සොයනු ලැබූ බැවින් දේශය තවම නිරවුල් ව අප ඉදිරියෙහි තිබේ. අපි උන් වහන්සේ සෙවුවෙමු. උන් වහන්සේ ද හැම අතින් ම අපට සාමය දී තිබේ ය”යි කීවේ ය. මෙසේ ඔව්හු නගර ගොඩනඟමින් සමෘද්ධිමත් වූවෝ ය.
ජුදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින් ද බෙන්ජමින්වරුන්ගෙන් පලිස් දරන දුනු ගත් දෙලක්ෂ අසූදහසකින් ද යුක්ත වූ සේනාවක් ආසාට සිටියහ. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ වූ හ.
ඊළඟට සිටියේ, කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේගේ සේවයට බාර වූ ශික්රීගේ පුත් අමසියා ය. ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂයක් සිටියෝ ය.
අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, බෙන්ජමින්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.