මේ නිසා සලමොන් ජෙරොබෝවම් මරන්නට සෙවී ය. එහෙත්, ජෙරොබෝවම් පිටත් වී මිසරයේ රජු වූ ෂීෂක් වෙත මිසරයට පලා ගොස් සලමොන්ගේ මරණය දක්වා එහි සිටියේ ය.
2 ලේකම් 12:2 - Sinhala New Revised Version 2018 ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ නිසා, රෙහොබෝවම් රජුගේ පස් වන අවුරුද්දේ දී මිසරයේ රජ වූ ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට ආයේ ය. Sinhala New Revised Version ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝ‍්හිකම් කළ නිසා, රෙහොබෝවම් රජුගේ පස් වන අවුරුද්දේ දී මිසරයේ රජ වූ ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට ආයේ ය. Sinhala Revised Old Version ඔවුන් ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළ නිසා රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේදී මිසරයේ රජවූ ෂීෂක්, |
මේ නිසා සලමොන් ජෙරොබෝවම් මරන්නට සෙවී ය. එහෙත්, ජෙරොබෝවම් පිටත් වී මිසරයේ රජු වූ ෂීෂක් වෙත මිසරයට පලා ගොස් සලමොන්ගේ මරණය දක්වා එහි සිටියේ ය.
මන්ද, සමිඳාණන් වහන්සේ රථ ඝෝෂාවක් ද අශ්ව ඝෝෂාවක් ද යන මහා සේනාවක ඝෝෂාවක් සිරියන්වරුන්ගේ සේනාවට ඇසෙන්න සැලැසූ සේක. ඔව්හු එකිනෙකාට කතා කොට, “ඉශ්රායෙල් රජ හිත්තීවරුන්ගේ ද මිසරවරුන්ගේ ද රජුන් අපට විරුද්ධ ව කුලියට ගෙන්වාගත්තේ ය” කියා
“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.
ජුදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින් ද බෙන්ජමින්වරුන්ගෙන් පලිස් දරන දුනු ගත් දෙලක්ෂ අසූදහසකින් ද යුක්ත වූ සේනාවක් ආසාට සිටියහ. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ වූ හ.
ඔවුන්ට විරුද්ධ ව කුෂ්හි ශෙරා දසලක්ෂයක් සෙනඟ ද රථ තුන්සියයක් ද අඩංගු වූ සේනාවක් ඇති ව පිටත් වී මාරේෂා දක්වා පැමිණියේ ය.
ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව අත්හැර දමා අෂේරා කප් කණුවලටත්, පිළිමවලටත් සේවය කළෝ ය. ඔවුන්ගේ මේ වරද නිසා ජුදා දේශය ද ජෙරුසලම ද පිට දේව උදහස පැමිණියේ ය.
ඒ රටින් බට පතුරුවලින් සාදාගත් නැව්වල නයිල් ගඟ දිගේ තානාපතීහු පැමිණෙති. ශීඝ්‍ර පණිවුඩකාරයන් වන ඔබ ආපසු ගෙදර යන්න. නයිල් ගඟේ අතුවලින් බෙදී ගිය රටේ වසන ඔබේ ශක්තිමත් බලසම්පන්න ජාතියට, සියලු දෙනා භීතියට පත් කර ඇති සෙනඟ වෙත පණිවුඩයක් රැගෙන යන්න.
එහෙත්, ඔව්හු කැරලි ගසා, උන් වහන්සේගේ ශුද්ධාත්මයට දුක් දුන්නෝ ය. ඒ නිසා, එතුමාණෝ ඔවුන්ට සතුරු වී ඔවුන්ට විරුද්ධ ව සටන් කළ සේක.
නුඹේ නපුරුකම නුඹට පඩිසන් දෙයි; මට ද්‍රෝහි වීම නුඹට දොස් පවරයි. නුඹේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අත්හැරදමා යාමත්, මා කෙරෙහි තවත් ගරුබිය නොදැක්වීමත් කොතරම් නපුරු අප්‍රිය දෙයක් දැ යි හොඳින් සලකා බලන්න. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය.”