හොඳයි! නුවරෙහි දමිටුන් පනස්දෙනෙක් සිටිත් නම්, මේ පනස්දෙන නිසා නුවර නොවනසා ඊට සමාව නොදෙන සේක් ද?
2 ලේකම් 12:12 - Sinhala New Revised Version 2018 තවද, ඔහු යටත් වූ බැවින් ඔහු මුළුමනින් ම විනාශ නොකරන හැටියට සමිඳාණන් වහන්සේගේ උදහස ඔහු කෙරෙන් හැරිණි. ඇරත් ජුදා දේශයෙහි ද සෞභාග්‍යය උදාවිය. Sinhala New Revised Version තවද, ඔහු යටත් වූ බැවින් ඔහු මුළුමනින් ම විනාශ නොකරන හැටියට සමිඳාණන් වහන්සේගේ උදහස ඔහු කෙරෙන් හැරිණි. ඇරත් ජුදා දේශයෙහි ද සෞභාග්‍යය උදාවිය. Sinhala Revised Old Version තවද ඔහු යටත්වුණ විට ඔහු මුළුමනින්ම විනාශනොකරන හැටියට ස්වාමීන්වහන්සේගේ උදහස ඔහු කෙරෙන් හැරුණේය. ඇරත් යූදාහිද යහපත් දේ සම්බවුණේය. |
හොඳයි! නුවරෙහි දමිටුන් පනස්දෙනෙක් සිටිත් නම්, මේ පනස්දෙන නිසා නුවර නොවනසා ඊට සමාව නොදෙන සේක් ද?
සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු භූමදාන කරන්නෝ ය. මන්ද, ජෙරොබෝවම්ගේ වංශය අතරෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ යහපත් යමක් ඔහු තුළ ඇති බැවින් ජෙරොබෝවම්ගේ වංශයෙන් ඔහු පමණක් නියම විධියට භූමදාන කරනු ලබන්නේ ය.
රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන සියලු අවස්ථාවන්හි දී මුරකාරයෝ ඒවා ඔසවාගෙන අවුත් නැවත මුරගෙට ගෙන ගියෝ ය.
එසේ වුවත්, ඔබ දේශයෙන් අෂේරා කප් කණු පහකර දැමීම ද දෙවියන් වහන්සේ සෙවීමට ඔබේ සිත යොමු කිරීම ද යන යහපත් ක්‍රියා කර ඇත්තේ ය”යි කීවේ ය.
උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.
දේශයේ දසදෙනෙකුගෙන් එක් කෙනෙකු වත් ඉතිරි වූවොත් ඔහු ද විනාශ කරනු ලැබේ. ඔහු සිඳ දමනු ලැබූ ආලෝන ගසක ඉතිරි වන කොටස හා සමාන වේ.” මේ කොටසෙන් ඉශ්රායෙල් සෙනඟගේ නවෝදය නිරූපණය කෙරේ.
එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයෙහි දී ඔබ උසස් කරනු පිණිස උන් වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න.