2 ලේකම් 11:20 - Sinhala New Revised Version 2018 ඈට පසු ව ඔහු අබ්සලොම්ගේ දූ වන මයකා පාවාගත්තේ ය. ඈ අබියා ද අත්තයි ද සීසා ද ෂෙලොමිත් ද ඔහුගෙන් ලැබුවා ය. Sinhala New Revised Version ඈට පසු ව ඔහු අබ්සලොම්ගේ දූ වන මයකා පාවාගත්තේ ය. ඈ අබියා ද අත්තයි ද සීසා ද ෂෙලොමිත් ද ඔහුගෙන් ලැබුවා ය. Sinhala Revised Old Version ඈට පසුව ඔහු අබ්සලොම්ගේ දූවූ මයකා පාවාගත්තේය; ඈ අබියාද අත්තයිද සීසාද ෂෙලොමිත්ද ඔහු නිසා බිහිකළාය. |
රෙහොබෝවම් තමාගේ සියලු භාර්යාවන්ටත්, උපභාර්යාවන්ටත් වඩා අබ්සලොම්ගේ දූ වන මයකාට ප්‍රේම කෙළේ ය. ඔහු භාර්යාවන් දහඅටදෙනෙකුත්, උපභාර්යාවන් හැටදෙනෙකුත් පාවාගත්තේ ය. පුත්‍රයෝ විසිඅටදෙනෙක් ද දූවරු හැටදෙනෙක් ද ඔහුට උපන්නෝ ය.
රෙහොබෝවම් මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරන ලද්දේ ය. ඔහුගේ පුත් අබියා ඔහු වෙනුවට රජ විය.
තුන් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මීකායා ය. ඈ ගිබියාහි උරියෙල්ගේ දුවක් ය. අබියා ද ජෙරොබෝවම් ද අතරේ යුද්ධ පැවතිණි.