එවිට අබ්සලොම් අහිතොපෙල්ට කතා කොට, “අප කුමක් කටයුතු දැ යි සම්මන්ත්‍රණය කොට කියන්නැ”යි කීවේ ය.
2 ලේකම් 10:6 - Sinhala New Revised Version 2018 රෙහොබෝවම් රජ තමාගේ පිය වූ සලමොන් ජීවත් ව සිටිය දී ඔහුගේ සේවයෙහි සිටි ප්‍රජා මූලිකයන් සමඟ සම්මන්ත්‍රණය කරමින්, “මා මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ සාකච්ඡා කොට මට කියන්නේ කුමක් දැ”යි ඇසුවේ ය. Sinhala New Revised Version රෙහොබෝවම් රජ තමාගේ පිය වූ සලමොන් ජීවත් ව සිටිය දී ඔහුගේ සේවයෙහි සිටි ප්‍රජා මූලිකයන් සමඟ සම්මන්ත්‍රණය කරමින්, “මා මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ සාකච්ඡා කොට මට කියන්නේ කුමක් දැ”යි ඇසුවේ ය. Sinhala Revised Old Version රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණයකරමින්: මා විසින් මේ සෙනඟට උත්තරදෙන පිණිස නුඹලා මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඇසුවේය. |
එවිට අබ්සලොම් අහිතොපෙල්ට කතා කොට, “අප කුමක් කටයුතු දැ යි සම්මන්ත්‍රණය කොට කියන්නැ”යි කීවේ ය.
ඔහු උත්තර දෙමින්, “ඔබ තුන් දවසකින් නැවත මා ළඟට එන්නැ”යි ඔවුන්ට කීවේ ය. සෙනඟ ද යන්න ගියෝ ය.
‘වයසක උදවිය කතා කළ යුතු යි; දිගායු වැළඳු අය ප්‍රඥාව පැවසිය යුතු යි,’ යනු මාගේ වැටහීම යි.
ඔබේ ම මිත්‍රයා ද පියාගේ මිත්‍රයා ද අත් නාරින්න. විපතේ දී නෑයින් වෙත නොයන්න. ළඟ සිටින මිතුරා දුර සිටින නෑයාට වඩා අගනේ ය.
ඔබේ ප්‍රාණවලට හානිවන විධියට ඔබ නොමඟ ගොස් ඇත. ‘අපේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සියල්ල ඒ හැටියට අපට දන්වන්න. අපි එය කරන්නෙමු’යි ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට කන්නලව් කිරීමට ඔබ මා යැවුවහු ය.