Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 16:20 - Sinhala New Revised Version 2018

20 එවිට අබ්සලොම් අහිතොපෙල්ට කතා කොට, “අප කුමක් කටයුතු දැ යි සම්මන්ත්‍රණය කොට කියන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එවිට අබ්සලොම් අහිතොපෙල්ට කතා කොට, “අප කුමක් කටයුතු දැ යි සම්මන්ත්‍රණය කොට කියන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එවිට අබ්සලොම් අහිතොපෙල්ට කථාකොට: අප විසින් කුමක් කටයුතුදැයි මන්ත්‍රණය කොට කියන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 16:20
11 හුවමාරු යොමු  

පහන් වූ කල සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව මන්ත්‍රණය කළහ.


තමන්ගේ අදහස් සඟවාගන්න උත්සාහ කරන අයට වන විපතක මහත! ඔව්හු රහසේ තමන්ගේ උපායයන් යොදමින්, කිසිවෙකු ඔවුන් දකින්නේ වත්, ඔවුන් කරන දේ දැන ගන්නේ වත් නැතැ යි සිතති.


එක් ව මන්ත්‍රණය කරන්න; එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. ඇති තරම් කතා කරන්න. එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. මන්ද, දෙවියන් වහන්සේ අප සමඟ ය.


ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.


සමිඳාණන්ට ද එතුමාණන්ගෙන් අබිසෙස් ලත් නිරිඳාණන්ට ද මහීපාලයෝ විරෝධී ව නැඟිට සිටින්නෝ ය; අධිපතිවරු එක් රැස් වී උපා යොදන්නෝ ය.


දැන් ඉතින් කන් දෙන්න, ඔවුන්ගේ සංබ්‍යාව වැඩි වීම වළකන පිණිස අපි ඔවුන් සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරමු. යම් හෙයකින් යුද්ධයක් ඇති වුවහොත්, ඔවුන් ද අපේ සතුරන් සමඟ පෙරමුණු බැඳගෙන, අපට විරුද්ධ ව සටන් කොට රට පාලනය කරන්න පුළුවනැ”යි කී ය.


ඇරත්, මා සේවය කළ යුත්තේ කවරෙකුට ද? ඔහුගේ පුත්‍රයාට නො‍වේ ද? මම ඔබගේ පියාණන් ඉදිරියෙහි සේවය කළ පරිදි, ඔබට සේවය කරන්නෙමි”යි අබ්සලොම්ට කීවේ ය.


අහිතොපෙල් අබ්සලොම්ට පිළිතුරු දෙමින්, “ඔබේ පියාණන්ගේ ගෙදර ප්‍රවේසම් කරන පිණිස සිටුවා ගිය ඔහුගේ උපභාර්යාවන් වෙත පිවිසෙන්න; එවිට සියලු ඉශ්රායෙල්වරු ඔබේ පියාණන්ට ඔබ පිළිකුලක් ව සිටින බව අසන්නෝ ය. එකල්හි ඔබ සමඟ සිටින සියල්ලෝ ශක්තිසම්පන්න වන්නෝ ය”යි කී ය.


අබ්සලොම් පූජා ඔප්පු කරන අතර දාවිත්ගේ මන්ත්‍රීවරයෙකු ද ගිලොන් වැසියෙකු ද වන අහිතොපෙල් ඔහුගේ නගරය වූ ගිලොයෙන් ගෙන්වා ගත්තේ ය. මෙසේ කුමන්ත්‍රණය බලවත් වී සෙනඟ වඩ වඩා අබ්සලොම්ට එකතු වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්