2 ලේකම් 10:13 - Sinhala New Revised Version 2018 රජ ප්‍රජා මූලිකයන්ගේ අවවාද අත්හැර, Sinhala New Revised Version රජ ප්‍රජා මූලිකයන්ගේ අවවාද අත්හැර, Sinhala Revised Old Version රජ ඔවුන්ට රළු ලෙස උත්තරදෙමින්, වැඩිමහල්ලන්ගේ මන්ත්‍රණය අත්හැර, |
ජෝසෙප් ඔහුගේ සහෝදරයන් දැක, ඔවුන් හඳුනාගත් නමුත්, තමා නාඳුනන්නාක් මෙන් හඟවා, ඔවුන්ට තදින් කතා කරමින්, “නුඹලා ආවේ කිනම් රටකින් දැ”යි ඇසී ය. “ආහාර මිලට ගනු පිණිස කානාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ.
‘තුන් වන දා නැවත මා ළඟට එන්නැ’යි රජු කී හැටියට ජෙරොබෝවම් ද මුළු සෙනඟ ද තුන් වන දා රෙහොබෝවම් ළඟට ආවෝ ය.
තරුණයන්ගේ අවවාද ප්‍රකාර ඔවුන්ට තදින් කතා කොට, උත්තර දෙමින්, “මාගේ පියා ඔබේ වියගහ බර කෙළේ ය, මම එය වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය, මම ඔබට කටු කසවලින් දඬුවම් කරන්නෙමි”යි කීවේ ය.
එහෙත්, ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණු, තමාගේ සේවයෙහි සිටි තරුණයන් සමඟ සම්මන්ත්‍රණය කරමින්,
ඔහු මෝසෙස්ට කතා කොට, “මෙතැනින් පලා යන්න; මින්පසු නම් මා ඉදිරියට නොඑන්නට බලාගන්න, මා නුඹ දකින්නේ කවර දිනක ද එදින නුඹ නසිනු ඇතැ”යි කී ය.