රෙහොබෝවම් ෂෙකෙම් නම් ස්ථානයට ගියේ ය. මන්ද, ඔහු රජ කොට පත් කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ෂෙකෙම්ට පැමිණි බැවිනි.
2 ලේකම් 10:10 - Sinhala New Revised Version 2018 ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කතා කොට, “ ‘ඔබේ පියා අපේ වියගහ බර කෙළේ ය; එහෙත්, ඔබ එය අපට සැහැල්ලු කළ මැනවැ’යි ඔබට කී ඒ සෙනඟට කතා කොට, ‘මාගේ පියාගේ තුනටියට වඩා මාගේ හුළැඟිල්ල ලොකු ය. Sinhala New Revised Version ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කතා කොට, “ ‘ඔබේ පියා අපේ වියගහ බර කෙළේ ය; එහෙත්, ඔබ එය අපට සැහැල්ලු කළ මැනවැ’යි ඔබට කී ඒ සෙනඟට කතා කොට, ‘මාගේ පියාගේ තුනටියට වඩා මාගේ හුළැඟිල්ල ලොකු ය. Sinhala Revised Old Version ඔහු සමඟ වැඩුණ තරුණයෝ ඔහුට කථාකොට: ඔබගේ පියාණෝ අපේ වියගහ බරකළහ, එහෙත් ඔබ ඒක අපට සැහැල්ලුකළ මැනවැයි කියා ඔබට කීවාවූ ඒ සෙනඟට ඔබ කථාකොට–මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ හුළගිල්ල ලොකුය. |
රෙහොබෝවම් ෂෙකෙම් නම් ස්ථානයට ගියේ ය. මන්ද, ඔහු රජ කොට පත් කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ෂෙකෙම්ට පැමිණි බැවිනි.
මාගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම ඔබේ වියගහ වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි’ කියා කිව යුතු ය”යි දැන්වූහ.
“ ‘ඔබේ පියා අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනවැ’යි මට කී මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ සාකච්ඡා කොට මට කියන්නේ කුමක් දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය.
ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.