තවද, ඔව්හු කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද මණ්ඩපයෙහි තිබුණු සියලු ශුද්ධ බඩු ද ගෙනාවෝ ය. මෙලෙස පූජකවරු සහ ලෙවීවරු ඒවා ගෙනාහ.
2 ලේකම් 1:3 - Sinhala New Revised Version 2018 ඉක්බිති සලමොන් ද ඔහු සමඟ මුළු සභාව ද ගිබියොන්හි ගිරිකුළට ගියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් පාළුකරයේ දී සාදන ලද දෙවියන් වහන්සේගේ සම්මුඛ මණ්ඩපය එහි තිබූ බැවිනි. Sinhala New Revised Version ඉක්බිති සලමොන් ද ඔහු සමඟ මුළු සභාව ද ගිබියොන්හි ගිරිකුළට ගියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් පාළුකරයේ දී සාදන ලද දෙවියන් වහන්සේගේ සම්මුඛ මණ්ඩපය එහි තිබූ බැවිනි. Sinhala Revised Old Version ඉක්බිති සාලමොන්ද ඔහු සමඟ මුළු සභාවද ගිබියොන්හි තිබෙන උස්තැනට ගියෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් කාන්තාරයේදී සෑදූ දෙවියන්වහන්සේගේ සම්මුඛවීමේ කූඩාරම එහි තිබුණේය. |
තවද, ඔව්හු කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද මණ්ඩපයෙහි තිබුණු සියලු ශුද්ධ බඩු ද ගෙනාවෝ ය. මෙලෙස පූජකවරු සහ ලෙවීවරු ඒවා ගෙනාහ.
පූජක ශාදොක් ද පූජකයන් වන ඔහුගේ සහෝදරයන් ද ගිබියොන්හි ගිරිකුළක තිබෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි සිටින්න නියම කෙළේ ය.
මන්ද, මෝසෙස් පාළුකරයේ දී සෑදූ සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයත්, දවන පූජාසනයත් ඒ කාලයෙහි ගිබියොන්හි ගිරිකුළක තිබුණේ ය.
එවිට සලමොන් ගිබියොන්හි ගිරිකුළෙහි තිබුණ සම්මුඛ මණ්ඩපය වෙතින් ජෙරුසලමට ආවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ රජ විය.
කම්කරුවන් අතර දක්ෂ ශිල්පීහු සියල්ලෝ ම ශුද්ධස්ථානය සෑදූ හ. සිහින් ව කටින ලද හණවලින් ද නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද තිර දහයක් සාදන ලදු ව ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කරන ලදී.
එවිට වලාකුළක් බැස සම්මුඛ මණ්ඩපය වසාගත්තේ ය. මණ්ඩපය සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් පිරී ගියේ ය.