1 සාමුවෙ 9:27 - Sinhala New Revised Version 2018 ඔවුන් නුවර සීමාවට පැමිණි විට සාමුවෙල් සාවුල්ට කතා කොට, “අපට පෙරටුව ඔබේ වැඩකාරයාට යන්න කියන්න. මා ඔබට දෙවියන් වහන්සේගේ වචනය දන්වන පිණිස දැන් මෙහි මොහොතක් නවතින්නැ”යි කීවේ ය. වැඩකාරයා පෙරටුවෙන් ගියේ ය. Sinhala New Revised Version ඔවුන් නුවර සීමාවට පැමිණි විට සාමුවෙල් සාවුල්ට කතා කොට, “අපට පෙරටුව ඔබේ වැඩකාරයාට යන්න කියන්න. මා ඔබට දෙවියන් වහන්සේගේ වචනය දන්වන පිණිස දැන් මෙහි මොහොතක් නවතින්නැ”යි කීවේ ය. වැඩකාරයා පෙරටුවෙන් ගියේ ය. Sinhala Revised Old Version ඔවුන් බැස යන කල නුවර කෙළවරදී සාමුවෙල් සාවුල්ට කථාකොට: අපට පෙරටුව යන්ට නුඹේ වැඩකාරයාට කියා, මා විසින් නුඹට දෙවියන්වහන්සේගේ වචනය දන්වන පිණිස නුඹ දැන් නවතින්නැයි කීවේය. වැඩකාරයා ඉස්සරව ගියේය. |
එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත් කොට, ඔහු සිඹ මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟ කෙරෙහි අධිපතියා කොට ඔබ අභිෂේක කරන සේක. ඔබ සෙනඟ පාලනය කොට ඔවුන් සියලු සතුරන්ගෙන් ගළවාගන්නෙහි ය. සමිඳාණන් වහන්සේ තමන් තෝරා ගත් සෙනඟගේ අධිපතියා වශයෙන් ඔබ පත් කළ බවට සාක්ෂිය මෙය වන්නේ ය:
එවිට සාමුවෙල්, “නවතින්න, මේ රාත්‍රියේ සමිඳාණන් වහන්සේ මට වදාළ කාරණය ඔබට දන්වමි”යි සාවුල්ට කීවේ ය. “කිව මැනවැ”යි සාවුල් කී ය.
පහන් වන වේලාවේ දී සාමුවෙල් පියස්ස උඩ සිටි සාවුල්ට අඬගසා, “නැඟිටින්න, මම ඔබ පිටත් කර යවමි”යි කීවේ ය. සාවුල් නැඟිට්ටේ ය. ඔහු සහ සාමුවෙල් එකට වීදියට ගියේ ය.