Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 9:27 - Sinhala Revised Old Version

27 ඔවුන් බැස යන කල නුවර කෙළවරදී සාමුවෙල් සාවුල්ට කථාකොට: අපට පෙරටුව යන්ට නුඹේ වැඩකාරයාට කියා, මා විසින් නුඹට දෙවියන්වහන්සේගේ වචනය දන්වන පිණිස නුඹ දැන් නවතින්නැයි කීවේය. වැඩකාරයා ඉස්සරව ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඔවුන් නුවර සීමාවට පැමිණි විට සාමුවෙල් සාවුල්ට කතා කොට, “අපට පෙරටුව ඔබේ වැඩකාරයාට යන්න කියන්න. මා ඔබට දෙවියන් වහන්සේගේ වචනය දන්වන පිණිස දැන් මෙහි මොහොතක් නවතින්නැ”යි කීවේ ය. වැඩකාරයා පෙරටුවෙන් ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ඔවුන් නුවර සීමාවට පැමිණි විට සාමුවෙල් සාවුල්ට කතා කොට, “අපට පෙරටුව ඔබේ වැඩකාරයාට යන්න කියන්න. මා ඔබට දෙවියන් වහන්සේගේ වචනය දන්වන පිණිස දැන් මෙහි මොහොතක් නවතින්නැ”යි කීවේ ය. වැඩකාරයා පෙරටුවෙන් ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 9:27
7 හුවමාරු යොමු  

එවිට සාමුවෙල්: නවතින්න, මේ රාත්‍රියේ ස්වාමීන්වහන්සේ මට කී කාරණය නුඹට දන්වමියි සාවුල්ට කීවේය. කිව මැනවැයි ඔහු කීය.


ඔව්හු අලුයම නැගුටුණෝය. තවද පහන්වෙන වේලාව පමණේදී සාමුවෙල් සාවුල්ට පියස්ස උඩට අඬගසා: මා විසින් නුඹ පිටත්කරන පිණිස නැගිටින්නැයි කීවේය. සාවුල් නැගිට්ටේය, ඔවුන් දෙදෙනා එනම් ඔහු සහ සාමුවෙල් පිටතට ගියෝය.


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට නුඹ ආලේපකළසේක් නොවේදැයි කීය.


එවිට යෙසායා හෙසකියාට කථාකොට: ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න–


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්