මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබ කතා කොට, ‘මම නුඹට වංශයක් සාදා දෙන්නෙමි’යි ඔබේ මෙහෙකරුවාට එළිදරව් කළ සේක. එබැවින් මේ යාච්ඤාව ඔබට ඔප්පු කරන්නට ඔබේ මෙහෙකරුවා ධෛර්ය ගත්තේ ය.
1 සාමුවෙ 9:15 - Sinhala New Revised Version 2018 සාවුල් පැමිණෙන්නට දවසකට පෙර, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, Sinhala New Revised Version සාවුල් පැමිණෙන්නට දවසකට පෙර, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, Sinhala Revised Old Version සාවුල් එන්ට දවසකට ප්‍රථම ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: |
මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබ කතා කොට, ‘මම නුඹට වංශයක් සාදා දෙන්නෙමි’යි ඔබේ මෙහෙකරුවාට එළිදරව් කළ සේක. එබැවින් මේ යාච්ඤාව ඔබට ඔප්පු කරන්නට ඔබේ මෙහෙකරුවා ධෛර්ය ගත්තේ ය.
හිමිතුමාණන්ගේ රහස් සැලැස්ම එතුමාණන් කෙරේ ගරුබිය දක්වන අයට පෙන්වා ඇත; එතුමාණන් ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වා ඇත.
මේ රහස් එළිදරව් නොකර සිය සේවක දිවැසිවරුන් හට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ සැබැවින් ම කිසිවක් නොකරන සේක.
“ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙකු වූ කිෂ්ගේ පුත්‍ර වූ සාවුල්, හතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන් සේක.
සාමුවෙල් සාවුල්ට කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔබ රජ කොට අභිෂේක කරන පිණිස මා එවූ සේක. එබැවින් දැන් සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න.
ජොනතන් පිළිතුරු දෙමින්, “එවැන්නක් සිද්ධ නොවේ වා! ඔබ නොනසින්නෙහි ය. මාගේ පියා මට නොදන්වා ලොකු හෝ කුඩා හෝ කිසි දෙයක් නොකරන්නේ ය. එබැවින් මාගේ පියා මේ කාරණය මාගෙන් සඟවන්න වුවමනාවක් තිබේ ද? ‘මාගේ පියා ඔබ මරන්නට ඉන්නේ ය’ යන කීමේ සත්‍යයක් නැතැ”යි කීවේ ය.
සමිඳාණන් වහන්සේ ෂිලෝහි දී සාමුවෙල්ට ප්‍රකාශ වූ සේක. එහි දී නැවත නැවත ප්‍රකාශ වී ඔහු සමඟ කතා කළ සේක.
ඔවුන් නුවරට ගොස්, නුවර ඇතුළට පිවිසෙද්දී සාමුවෙල් කඳු මත පූජාස්ථානයට යන පිණිස ඔවුන් දෙසට පිටත් වී ආවේ ය.
සාමුවෙල්, සාවුල් දුටු විට, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “මෙන්න, මා නුඹට කී මිනිසා! මොහු මාගේ සෙනඟ පාලනය කරන්නේ ය”යි වදාළ සේක.