මා ඔවුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා දින පටන් අද දක්වා නොකඩවා මම ඔවුන්ට අවවාද කර, මාගේ හඬට කීකරු වන්නැ යි සැබැවින් ම වදාළෙමි.
1 සාමුවෙ 8:9 - Sinhala New Revised Version 2018 දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. එසේ වී නමුත්, ඔවුන් කෙරෙහි රජකම් කරන රජු ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම ගැන ඔවුන්ට විස්තර කර දෙන්නැ”යි වදාළ සේක. Sinhala New Revised Version දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. එසේ වී නමුත්, ඔවුන් කෙරෙහි රජකම් කරන රජු ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම ගැන ඔවුන්ට විස්තර කර දෙන්නැ”යි වදාළ සේක. Sinhala Revised Old Version දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. එසේවී නුමුත් ඔවුන් කෙරෙහි රජකම් කරන රජුගේ අන්දම ඔවුන්ට දන්වමින් ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙන්නැයි කීසේක. |
මා ඔවුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා දින පටන් අද දක්වා නොකඩවා මම ඔවුන්ට අවවාද කර, මාගේ හඬට කීකරු වන්නැ යි සැබැවින් ම වදාළෙමි.
‘නුඹ සැබැවින් ම නසින්නෙහි ය’යි මා දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත් වන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාද කරන පිණිස ඔහුට කතා නොකරන්නෙහි නම්, ඒ දුෂ්ටයා සිය පාපය නිසා මැරෙනු ඇත. එවිට ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි.
සෙනඟ ඔවුන්ගේ උරුම කොටස්වලින් අහක් කරන හැටියට අධිපතියා ඔවුන්ගේ උරුමයෙන් කිසිවක් නොගනී වා. මගේ සෙනඟ තම තමන්ගේ උරුම කොටස්වලින් පන්නාදමනු නොලබන පිණිස තමාගේ ම කොටසෙන් තමාගේ ම පුත්‍රයන්ට උරුමයක් දේ වා!”
සාමුවෙල් රජකමේ යුතුකම් සෙනඟට විස්තර කර දී, ඒවා පොතක සටහන් කර සමිඳාණන් වහන්සේ ඉදිරියේ තැබුවේ ය. ඉන්පසු සාමුවෙල් සෙනඟ විසුරුවා හැර ඔවුන් සිය ගෙවලට පිටත් කර යැවුවේ ය.
සාමුවෙල් මුළු ඉශ්රායෙල් සෙනඟට මෙසේ කීවේ ය; “මෙන්න, ඔබ හැම මාගෙන් ඉල්ලූ සියලු දේට මම සවන් දී ඔබ කෙරෙහි රජෙකු පත් කෙළෙමි.
සාවුල්ගේ මුළු ජීවිත කාලයේ දී ම පිලිස්තිවරුන්ට විරුද්ධ ව දරුණු යුද්ධ පැවතුණේ ය. සාවුල් වනාහි යම් බලසම්පන්න මනුෂ්‍යයෙකු හෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු හෝ දුටු විට ඔහු රාජ සේවය සඳහා පත් කරගත්තේ ය.
ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේ ය: යම් කෙනෙකු පූජාවක් ඔප්පු කරන කල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස් කොක්කක් රැගෙන අවුත්,
මා ඔවුන් මිසර දේශයෙන් ගෙනා දා පටන් අද දවස දක්වා ඔව්හු මා අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. ඔව්හු සෑම කල්හි ම මට කළ දේ දැන් නුඹටත් කරති.