1 සාමුවෙ 4:7 - Sinhala New Revised Version 2018 ඒ නිසා පිලිස්තිවරු බිය වූ හ. මන්ද, “දෙවියන් වහන්සේ කඳවුරට වැඩිය සේකැ”යි ඔව්හු කී හ. තවද, ඔව්හු කතා කොට, “අපට වන විපතක මහත! මන්ද, මෙබඳු දෙයක් මීට පෙර නො වී ය. Sinhala New Revised Version ඒ නිසා පිලිස්තිවරු බිය වූ හ. මන්ද, “දෙවියන් වහන්සේ කඳවුරට වැඩිය සේකැ”යි ඔව්හු කී හ. තවද, ඔව්හු කතා කොට, “අපට වන විපතක මහත! මන්ද, මෙබඳු දෙයක් මීට පෙර නො වී ය. Sinhala Revised Old Version එවිට පිලිස්තිවරු භයවුණෝය, මක්නිසාද: දෙවියන්වහන්සේ කඳවුරට වැඩියසේකැයි ඔව්හු කීවෝය. ඔව්හු කථාකොට: අපට දුක්වේ! මක්නිසාද මෙබඳු දෙයක් මීට ප්‍රථම නොවීය. |
උන් වහන්සේ ද ඔවුන්ගේ රථ රෝද ක්‍රියා විරහිත කළ සේක. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරුවෙනි. එවිට මිසර වාසීහු, ‘අපි ඉශ්රායෙල්වරුන් වෙතින් පලා යමු, මන්ද, සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව ඔවුන් උදෙසා සටන් කරන සේකැ”යි කී හ.
ඔවුන්ගේ පර්වතයාණෝ, ඔවුන් නොවික්ක සේක් නම්, සමිඳාණෝ, ඔවුන් පාවා නුදුන් සේක් නම්, එක් කෙනෙක් දහසක් ද දෙන්නෙක් දස දහසක් ද පලවා හරින්නේ කෙසේ ද?
පිලිස්තිවරු ඒ මොරගැසීමේ ශබ්දය අසා, “හෙබ්‍රෙව්වරුන්ගේ කඳවුරේ ඇසෙන මේ මහා ඝෝෂාව කුමක් දැ”යි ඇසූ හ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනා බව ඔව්හු දැන ගත්හ.
අනේ, අපට වන විපතක මහත! මේ බලසම්පන්න දෙවිවරුන්ගේ අතින් අප ගළවාගන්නෝ කවුරු ද? මේ දෙවිවරු වනාහි කාන්තාරයේ මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහර දුන් දෙවිවරු ය.