Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 4:6 - Sinhala New Revised Version 2018

6 පිලිස්තිවරු ඒ මොරගැසීමේ ශබ්දය අසා, “හෙබ්‍රෙව්වරුන්ගේ කඳවුරේ ඇසෙන මේ මහා ඝෝෂාව කුමක් දැ”යි ඇසූ හ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනා බව ඔව්හු දැන ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 පිලිස්තිවරු ඒ මොරගැසීමේ ශබ්දය අසා, “හෙබ්‍රෙව්වරුන්ගේ කඳවුරේ ඇසෙන මේ මහා ඝෝෂාව කුමක් දැ”යි ඇසූ හ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනා බව ඔව්හු දැන ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 පිලිස්තිවරු ඒ ඝෝෂාවේ ශබ්දය අසා: හෙබ්‍රෙව්වරුන්ගේ කඳවුරේ තිබෙන මේ මහත් ඝෝෂා ශබ්දය කිමෙක්දැයි කීවෝය. ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය කඳවුරට පැමිණි බව ඔව්හු දැනගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 4:6
4 හුවමාරු යොමු  

එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු, “මේ හෙබ්‍රෙව්වරුන් මෙහි කුමක් කරත් දැ”යි ඇසූ හ. එවිට ආකීෂ් පිලිස්තිවරුන්ගේ අධිපතීන්ට කතා කොට, “මේ තැනැත්තා ඉශ්රායෙල්වරුන්ගේ රජ වන සාවුල්ගේ සේවකයෙකු ව සිටි දාවිත් ය. මොහු දැන් කලක සිට, අවුරුදු ගණනක සිට මා සමඟ සිටියි; ඔහු මට එකතු වූ දා පටන් අද දක්වා ඔහු අතේ කිසි වරදක් මට දකින්නට ලැබුණේ නැතැ”යි කී ය.


සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනෙනු ලැබූ කල මුළු ඉශ්රායෙල් ජනතාව පොළොව පුරා දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් මොරහඬ නැඟුවහු ය.


ඒ නිසා පිලිස්තිවරු බිය වූ හ. මන්ද, “දෙවියන් වහන්සේ කඳවුරට වැඩිය සේකැ”යි ඔව්හු කී හ. තවද, ඔව්හු කතා කොට, “අපට වන විපතක මහත! මන්ද, මෙබඳු දෙයක් මීට පෙර නො වී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්