ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 4:15 - Sinhala New Revised Version 2018

ඒලී වනාහි අනූඅට අවුරුද්දක් වයස් ව සිටියේ ය; ඔහුගේ ඇස් නොපෙනෙන තරමට අඳුරුව තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒලී වනාහි අනූඅට අවුරුද්දක් වයස් ව සිටියේ ය; ඔහුගේ ඇස් නොපෙනෙන තරමට අඳුරුව තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒලී වනාහි අනූ අට අවුරුද්දක් වයස්ව සිටියේය; ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුව තිබුණේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 4:15
5 හුවමාරු යොමු  

ඊසාක් මහලු වයසට පැමිණ, ඔහුගේ ඇස් ද නොපෙනෙන තරමට අඳුරු වී තිබිණි. ඔහු තම දෙටු පුත් ඒසව් කැඳවා, “පුතා” කියා ඇමතී ය. ඔහු ද, “ඇයි තාත්තේ” කියා උත්තර දුනි.


ජෙරොබෝවම්ගේ බිරිඳ එලෙස කොට පිටත් වී, ෂිලෝ නම් ස්ථානයට ගොස් අහියාගේ ගෙදරට පැමිණියා ය. මහලුකම නිසා අහියාගේ ඇස් නොපෙනෙන තරමට අඳුරු වී තිබිණි.


අප ආයු හැත්තෑ අවුරුද්දකි, සවි ශක්තිය ඇත්නම්, අසූවක් විය හැකි ය. එහෙත්, ඒ කාලය කම්කටොළු හා දුක ම ය. අප ආයු ගෙවී ගොස් දිවි පෙවෙත වහා නිම වන්නේ ය.


දැන් ඒලීගේ ඇස් හරියාකාර නොපෙනෙන තරමට අඳුරුවන්නට පටන්ගෙන තිබුණේ ය. දිනක් ඔහු සිය කාමරයෙහි සැතපෙමින් සිටියේ ය.


ඒලී මොරගැසීමේ ශබ්දය අසා, “අර කෝලාහල ශබ්දය කිමෙක් දැ”යි ඇසී ය. ඒ මිනිසා ඉක්මනින් අවුත් ඒලීට ආරංචිය සැළ කෙළේ ය.