ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 28:12 - Sinhala New Revised Version 2018

ඒ ස්ත්‍රිය සාමුවෙල් දුටු කල මහ හඬින් කෑගැසුවා ය. ඈ සාවුල්ට කතා කොට, “ඔබ මා රැවටුවේ මන් ද? ඔබ නම් සාවුල් ය”යි ඔහුට කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ ස්ත්‍රිය සාමුවෙල් දුටු කල මහ හඬින් කෑගැසුවා ය. ඈ සාවුල්ට කතා කොට, “ඔබ මා රැවටුවේ මන් ද? ඔබ නම් සාවුල් ය”යි ඔහුට කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ ස්ත්‍රී සාමුවෙල් දුටු කල මහත් හඬින් කෑගැසුවාය. ඈ සාවුල්ට කථාකොට: ඔබ මා රුවටුවේ මක්නිසාද? ඔබ නම් සාවුල්යයි ඔහුට කීවාය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 28:12
5 හුවමාරු යොමු  

පසු දින උදය පහන් වූ කල පුදුමයකට මෙන්, එහි සිටියේ ලෙයා ය. එවිට ඔහු ලාබන් අමතා, “ඔබ මට කළ මේ දේ කුමක් ද? මා ඔබට සේවය කෙළේ රාකෙල් නිසා නොවේ ද? ඔබ මා රැවටුවේ මන්දැ”යි ඇසී ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ අහියාට කතා කොට, “බලන්න, ජෙරොබෝවම්ගේ බිරිඳ රෝගාතුර වී සිටින ඇගේ පුත්‍රයා ගැන නුඹෙන් විචාරන්න එන්නී ය. ඈට මේ අයුරින් කතා කරන්න. ඇය එන විට අන් තැනැත්තියක මෙන් පෙන්වනු ඇතැ”යි වදාළ සේක.


එවිට ස්ත්‍රිය, “මම ඔබට කවරෙකු කැඳවා දෙම් දැ”යි ඇසුවා ය. “සාමුවෙල් මට කැඳවා දෙන්නැ”යි සාවුල් ඈට කී ය.


රජ ද, “බිය නොවන්නැ”යි කියා, “ඔබට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසුවේ ය. “අවතාරයක් පොළොවෙන් නැඟී එනවා”යි ස්ත්‍රිය සාවුල්ට කීවා ය.


මේ කාලයේ දී සාමුවෙල් මියගොස් තිබිණි. සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී, ඔහුගේ ම නුවර වූ රාමාහි ඔහු තැන්පත් කළහ. සාවුල් ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේශයෙන් පහ කර තිබිණි.