1 සාමුවෙ 28:11 - Sinhala New Revised Version 201811 එවිට ස්ත්‍රිය, “මම ඔබට කවරෙකු කැඳවා දෙම් දැ”යි ඇසුවා ය. “සාමුවෙල් මට කැඳවා දෙන්නැ”යි සාවුල් ඈට කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 එවිට ස්ත්‍රිය, “මම ඔබට කවරෙකු කැඳවා දෙම් දැ”යි ඇසුවා ය. “සාමුවෙල් මට කැඳවා දෙන්නැ”යි සාවුල් ඈට කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 එවිට ඒ ස්ත්‍රී: මම නුඹට කවුරු නැගුටුවා ගෙනෙම්දැයි කීවාය. ඔහු: සාමුවෙල් මට නැගුටුවා ගෙනෙන්නැයි කීය. පරිච්ඡේදය බලන්න |
එවිට සාමුවෙල් කතා කොට, “මා ආපසු කැඳවීමෙන් ඔබ මට කරදර කෙළේ මන්දැ”යි සාවුල්ගෙන් ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, “මම තද අමාරුවකට පත් ව සිටිමි; පිලිස්තිවරු මට විරුද්ධ ව යුද්ධ කරති; දෙවියන් වහන්සේ මා කෙරෙන් අහක් ව ගිය සේක; උන් වහන්සේ දැන් දිවැසිවරුන් ලවා වත්, ස්වප්නවලින් වත් මට පිළිතුරු දෙන්නේ නැත. එබැවින් මා කළ යුතු දේ ඔබ මට දන්වන පිණිස ඔබට අඬ ගැස්වීමි”යි කීවේ ය.