ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 27:3 - Sinhala New Revised Version 2018

දාවිත් සහ ඔහුගේ සෙනඟ ද ඔවුනොවුන්ගේ පවුල් ද දාවිත් සමඟ ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අහිනොවම් සහ නාබල්ගේ භාර්යාව ව සිටි කර්මෙලීය අබිගායිල් ද ආකීෂ් රජු සමඟ ගාත්හි විසූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාවිත් සහ ඔහුගේ සෙනඟ ද ඔවුනොවුන්ගේ පවුල් ද දාවිත් සමඟ ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අහිනොවම් සහ නාබල්ගේ භාර්යාව ව සිටි කර්මෙලීය අබිගායිල් ද ආකීෂ් රජු සමඟ ගාත්හි විසූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දාවිත් සහ ඔහුගේ මිනිස්සුද ඔවුනොවුන්ගේ පවුල්ද දාවිත් සමඟ ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම් සහ නාබල්ගේ භාර්යාවව සිටියාවූ කර්මෙලිය අබීගායිල්ද ආකීෂ් වෙත ගාත්හි විසුවෝය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 27:3
7 හුවමාරු යොමු  

දාවිත් තමා සමඟ සිටි තමාගේ මිනිසුන් ඔවුන් එකිනෙකාගේ ගෙයි වැසියන් සමඟ කැඳවාගෙන ආයේ ය. ඔව්හු හෙබ්‍රොන් නගරවල වාසය කළහ.


ඒ මිනිසාගේ නම නාබල් ය; ඔහුගේ බිරිඳගේ නම අබිගායිල් ය. ඒ ස්ත්‍රිය බුද්ධිමත් රූමත් කාන්තාවක් වූවා ය. එහෙත්, ඇගේ පුරුෂයා තිරිසන් ගති ඇති නපුරු කෙනෙක් විය. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.


දාවිත් ගාත්ට පලා ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එබැවින් ඔහු තවත් දාවිත් නොසෙව්වේ ය.


දාවිත් ද ඔහුගේ සෙනඟ ද නුවරට පැමිණි කල, එය ගිනි ලා තිබෙන බවත්, ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වහල්කමට ගෙන යන ලද බවත් දුටු හ.


දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අභිනොවම් ද කර්මෙලීය නාබල්ගේ භාර්යාව වී සිටි අබිගායිල් ද වහල්කමට ගෙනයනු ලැබූ හ.