ඒ නිසා රජතුමෙනි, එනු මැනව; ඔබේ සිතෙහි ඇති මුළු කැමැත්ත ලෙස අව මැනව; රජ්ජුරුවන් අතට දාවිත් අල්ලා දීම අපේ වැඩක් ය”යි කීවෝ ය.
එබැවින් රජ්ජුරුවෙනි, එන්ට ඔබගේ සිතේ ඇති මුළු ආශාව ලෙස අවමැනවි; රජ්ජුරුවන් අතට ඔහු අල්වාදීම අපේ වැඩක්යයි කීවෝය.
අබ්නේර් දාවිත්ට කතා කොට, “මම පිටත් ව ගොස්, සියලු ඉශ්රායෙල්වරුන් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ ගිවිසුමක් කරන පිණිස ඔවුන් ඔබ වෙත රැස් කරගෙන එන්නෙමි; මෙසේ ඔබේ සිත් ගන්න සියල්ලන් කෙරෙහි ඔබ රජකම් කරනු ඇතැ”යි කීවේ ය. දාවිත් අබ්නේර්ට යන්නට අවසර දුන් විට ඔහු සාමදානයෙන් ගියේ ය.
දුෂ්ටයා ඒ දැන කෝප වන්නේ ය; ඔහු දත්මිටි කා වැහැරී යන්නේ ය; දුදනන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේ ය.
විදේශිකයෝ මට විරුද්ධ ව නැඟිට්ටෝ ය; සාහසිකයෝ මා මරන්නට සෙවුවෝ ය. මාගේ අධිපතියාණන් දෙවිඳුන් බව ඔව්හු නොපිළිගත්තෝ ය.
දමිටුන්ගේ මන දොළ හුදෙක් යහපත සඳහා වේ; දුදනන්ගේ පැතුමෙන් කිසි වැඩක් නැත.
දැහැමියාගේ නිවස වටා නපුරෙකු මෙන් සැඟවී නොසිටින්න; ඔහුගේ වස්තුව කොල්ල නොකන්න.
පාලකයන්ගේ අනුග්‍රහය පතන්නෝ බොහෝ ය; එහෙත් යුක්තිය පැමිණෙන්නේ සමිඳුන්ගෙනි.
“මුළු ඉශ්රායෙල් ජනතාව වසන නගරවලින්, යම් ලෙවීවරයෙකු, තමා පදිංචි ව සිටි ස්ථානයෙන් නික්ම, ඉතා දැඩි ආශාවකින් සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානයට පැමිණියොත්,
එවිට දාවිත්, “කෙයිලාහි ජනයා මා සහ මාගේ සෙනඟ සාවුල් අතට පාවා දෙනවා ඇද් දැ”යි ඇසී ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “එසේ ය, ඔවුන් පාවා දෙනු ඇතැ”යි වදාළ සේක.
සාවුල් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “ඔබ මට අනුකම්පා කළ නිසා සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!