එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය.
1 සාමුවෙ 23:18 - Sinhala New Revised Version 2018 ඔවුන් දෙදෙනා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්හ. දාවිත් හොරෙෂ්හි නැවතී සිටියේ ය; ජොනතන් තමාගේ ගෙදරට ගියේ ය. Sinhala New Revised Version ඔවුන් දෙදෙනා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්හ. දාවිත් හොරෙෂ්හි නැවතී සිටියේ ය; ජොනතන් තමාගේ ගෙදරට ගියේ ය. Sinhala Revised Old Version ඔවුන් දෙදෙනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෝය. දාවිත් කැලෑවෙහි සිටියේය, යොනාතාන් තමාගේ ගෙදරට ගියේය. |
එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය.
දාවිත් කතා කොට, “සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරු ව සිටී ද? සිටිනවා නම්, මම ජොනතන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය.
දාවිත් සාවුල්ට කතා කොට නිම වූ කල ජොනතන්ගේ සිත දාවිත් දෙසට තදින් ඇදී ගොස්, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කෙළේ ය.
ජොනතන් දාවිත්ට කතා කොට, “ඔබ ද මා ද ඔබේ පරම්පරාව ද මාගේ පරම්පරාව ද අප දෙදෙනා අතරේ කරගත් ගිවිසුම සදහට ම පවතින ලෙස සමිඳාණන් වහන්සේ සහතික කරන සේකැ”යි කී ය. එවිට දාවිත් නැඟිට පිටත් ව ගියේ ය. ජොනතන් ආපසු නුවරට ගියේ ය.
ඒ නිසා කරුණා කොට ඔබේ මෙහෙකරුවා වන මට මේ උපකාරය කර මා සමඟ ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ කළ ගිවිසුම පවත්වන්න. එහෙත්, මා අතේ වරදක් ඇත්නම්, ඔබ ම මා මරන්න. ඔබේ පියා වෙත මා ගෙනයන්නේ කුමට ද?”
දාවිත් නොබ්හි අහිමෙලෙක් නම් පූජකයා වෙත පැමිණියේ ය. අහිමෙලෙක් දාවිත් සමුවන්නට වෙවුලමින් අවුත්, “කිසිවෙකු ඔබ සමඟ නැතිව ඔබ මෙහි තනියම ආවේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවේ ය.