ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 23:13 - Sinhala New Revised Version 2018

එවිට දාවිත් හයසියයක් පමණ ඔහුගේ සෙනඟ ද රැගෙන කෙයිලා නගරයෙන් පිටත් වී තමන්ට යා හැකි ඒ ඒ තැන්වලට ගියහ. දාවිත් කෙයිලා නගරයෙන් ගැළවී ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එවිට ඔහු තමාගේ ගමන නතර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට දාවිත් හයසියයක් පමණ ඔහුගේ සෙනඟ ද රැගෙන කෙයිලා නගරයෙන් පිටත් වී තමන්ට යා හැකි ඒ ඒ තැන්වලට ගියහ. දාවිත් කෙයිලා නගරයෙන් ගැළවී ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එවිට ඔහු තමාගේ ගමන නතර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට දාවිත්ද හසියයක් පමණවූ ඔහුගේ මිනිස්සුද නැගිට කෙයිලායෙන් පිටත්වී තමුන්ට යන්ට පුළුපුළුවන් තැන්වලට ගියෝය. දාවිත් කෙයිලායෙන් ගැළවී ගිය බව සාවුල්ට දන්වනලද්දේය; එවිට ඔහු තමාගේ ගමන නැවැත්තුවේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 23:13
7 හුවමාරු යොමු  

ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟ සිටියහ. සියලු කෙරෙතිවරු ද සියලු පෙලෙතිවරු ද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තීය ජාතික මිනිස්සු හයසියයක් ද ඔහුට පෙරටු ව ගියහ.


ඊයේ පැමිණි ඔබට අද අප සමඟ ඔබමොබ යන්නට සැලැස්විය යුතු ද? මම වනාහි මට යා හැකි කොතැනට වුව ද යමි. ඔබ හැරී ඔබේ සහෝදරයන් කැඳවාගෙන යන්න. කරුණාවත්, සැබෑකමත් ඔබ සමඟ වේවා”යි කී ය.


එතුමාණෝ කපටින්ගේ උපා වළකන සේක; ඔවුන්ගේ හැම ප්‍රයෝග ව්‍යර්ථ කරන සේක.


එතුමාණෝ දෙස බලන්නා ප්‍රීතියෙන් බැබළෙන්නේ ය. ඔහුගේ මුහුණ කවදාවත් ලජ්ජාවෙන් අඳුරු නොවන්නේ ය.


විපතට පත් වූ සියල්ලෝ ද ණයතුරුස් ඇති සියල්ලෝ ද අසහනයට පත් වූ සියල්ලෝ ද ඔහු වෙත රැස් වූ හ. දාවිත් ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ සිටියහ.


එවිට දාවිත්, “ඔබ එකිනෙකා තම තමාගේ කඩුව ගන්නැ”යි තමාගේ තරුණයන්ට කී ය. ඔව්හු හැම දෙන ම තම තමන්ගේ කඩු ගත්හ. දාවිත් ද තමාගේ කඩුව ගත්තේ ය. මිනිස්සු හාරසියයක් පමණ දාවිත් අනුව ගියෝ ය; දෙසියයක් භාණ්ඩ ළඟ නැවතී සිටියහ.