හොඳයි! නුවරෙහි දමිටුන් පනස්දෙනෙක් සිටිත් නම්, මේ පනස්දෙන නිසා නුවර නොවනසා ඊට සමාව නොදෙන සේක් ද?
1 සාමුවෙ 23:10 - Sinhala New Revised Version 2018 එවිට දාවිත් මෙසේ පැවසුවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, සාවුල් මා නිසා කෙයිලා නගරය විනාශ කරන පිණිස එන්නට සැරසෙන බව ඔබේ මෙහෙකරු වන මට සැබැවින් සැළ වී තිබේ. Sinhala New Revised Version එවිට දාවිත් මෙසේ පැවසුවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, සාවුල් මා නිසා කෙයිලා නගරය විනාශ කරන පිණිස එන්නට සැරසෙන බව ඔබේ මෙහෙකරු වන මට සැබැවින් සැළ වී තිබේ. Sinhala Revised Old Version එවිට දාවිත්: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, සාවුල් මා නිසා කෙයිලා නුවර විනාශකරන පිණිස එන්ට සොයන බව ඔබගේ මෙහෙකරුවාවූ මට සැබවින් සැලවී තිබේ. |
හොඳයි! නුවරෙහි දමිටුන් පනස්දෙනෙක් සිටිත් නම්, මේ පනස්දෙන නිසා නුවර නොවනසා ඊට සමාව නොදෙන සේක් ද?
ඔහු පූජකයන්ගේ නුවර වන නොබ්ටත් එනම්, එහි සිටි පුරුෂයන්ට හා ස්ත්‍රීන්ටත්, බාලයන්ට හා කිරි දරුවන්ටත්, ගවයන්ටත්, කොටළුවන්ටත්, බැටළුවන්ටත් කඩුවෙන් පහර දුන්නේ ය.
කෙයිලාහි ජනයා සාවුල් අතට මා පාවා දෙනවා ඇද් ද? ඔබේ මෙහෙකරු වන මට සැළ වී තිබෙන ලෙස සාවුල් එනවා ඇද් ද? ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුට දැන්වුව මැනව.” සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “සාවුල් එන්නේ ය”යි වදාළ සේක.
දාවිත් සහ ඔහුගේ සෙනඟ වටලනු පිණිස සාවුල් කෙයිලා නගරයට යන්නට සියලු සෙනඟ යුද්ධය සඳහා කැඳෙව්වේ ය.
තමාට අනතුරු කරන්නට සාවුල් උපා යොදන බව දාවිත් දැන ගත් විට, “ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි ඔහු පූජක අබියාතර්ට කීවේ ය.